කිලිනොච්චියේ අම්බාලකුලම් ගම්මානයට ඊයේ කඩාවැදුණු දිවියෙකු එහි වැසියන් 10 දෙනෙකු සපා කෑ සිද්ධියක් වාර්තාවේ. ගම්මානයේ එළුවන් සහ ගවයින් දඩයම් කිරීමට මේ දිවියා පැමිණි බවත් පසුව
ගම්වාසීන්ගේ නොසන්සුන්තාවය

හමුවේ සත්ත්වයා අසල තිබූ වගාබිමක සැඟවී සිටියදී වනජීවී නිලධාරීන් දිවියා නිර්වින්දනය කර අල්ලා ගන්නට උත්සාහ කළ නමුත් ඉන් පසුවද එම නිලධාරියෙකුට දිවියා පහරදී ඇතැයි වාර්තා විය.
තුවාල ලත් පුද්ගලයා රෝහල් ගත කිරීමට පියවර ගත් පසුව කෝපයට පත් ජනතාව දිවියා ට පහරදීමට යාමේදී නැවතත් ගම්වාසීන් 9 දෙනෙකු සපා කා ඇත.

නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ගම්වාසීන් පොලු මුගුරු වලින් දිවියාට දරුණු ලෙස පහරදී ඝාතනය කර තිබුණි. මරුමුවට පත්වූ දිවියා වඳවීයෑමේ තර්ජනයට ලක්ව තිබෙන සත්ත්වයෙකු බවට වනජීවී නිලධාරීන් දැනසිටියද ගම්වාසීන් පහරදෙන අවස්ථාවේ ඔවුන් ඊට මැදිහත් නොවූ බව වාර්තාවේ.
ඝාතනයට ලක්වීමෙන් පසුවද දිවියාට විවිධාකාරයේ හිංසා සිදුකරන අයුරු වීඩියෝගතවී තිබේ.