ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සඳහා පසුගිය 10 වනදා බ්‍රිතාන්‍ය සිට පැමිණි රගර් කණ්ඩායමක ක්‍රීඩකයින් දෙදෙනෙකු මෙරට නැවතී සිටි හෝටලයේදී අභිරහස් ලෙස හුස්ම හිරවීමෙන් මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ ආරම්භවී තිබේ.
මෙම සංචාරය සඳහා කළමණාකරුවෙකු ඇතුළු රගර් ක්‍රිඩකයින් 22 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ තිබෙන අතර ඔවුන් කොටුව පොලිස් වසමේ
පිහිටි ප්‍රසිද්ධ සංචාරක හෝටලයක ලැගුම් ගෙන තිබෙන බව පොලිසිය වාර්තා කරයි. ඔවුන් මෙරටට පැමිණ දින දෙකකට පසු පසුගිය 12 වන දින කොළඹ ප්‍රදේශයේ ක්‍රිඩාංගනයක පැවති සුහද රග්බි තරගාවලියකටද සහභාගි වී තිබේ.
එම ක්‍රිඩා සංකිර්ණයේ එදින රෑ රාත්‍රි භෝජන සංග්‍රහයක්ද පවත්වා

ඇති අතර ඔවුන් සියල්ල එයටද සහභාගි විමෙන් අනතුරුව කණ්ඩායම රාත්‍රී 10.30 ට පමණ නැවත හෝටලයට ගිය බව පැවසේ. අනතුරුව කොල්ලුපිටිය ප්‍රදේශයේ රාත්‍රි සමාජ ශාලාවකට මෙම පිරිස පිටත්ව ගොස් ඇත්තේ රාත්‍රී කාලයේ විනෝදවීමේ අටියෙනි.
සමාජ ශාලාවේ සිටි පිරිස් වරින්වර කුඩා කණ්ඩායම් වශයෙන් නැවත හෝටලයට පැමිණි බවත්  අළුයට 04.00ට පමණ පැමිණි ක්‍රිඩකයින් දෙදෙනෙකු උදේ 10.00ට පමණ හුස්ම ගැනීමේ අපහසුතාවයක් පෙන්වූ බව වාර්තාවේ.
මේ හේතුවෙන් හෝටල් කලමණාකාරිත්වය  මෙම ක්‍රිඩකයින් දෙදෙනා කොළඹ පුද්ගලික රෝහලකට ඇතුලත් කර ප්‍රතිකාර ලබා දෙන්නට කටයුතු යොදා තිබේ.  මෙම ප්‍රතිකාර අතරවාරයේ එක් ක්‍රිඩකයෙකු දහවල් 12.00ට පමණි මියගිය බව පොලිසිය වාර්තා කරයි.හාවඩ් තෝමස් ඇන්ඩෘ නමැති වයස අවුරුදු 26ක් වන බ්‍රිතාන්‍ය ජාතිකයෙකු මෙසේ මියගොස් ඇත.
අසධ්‍ය තත්වයේ පසුවන අනෙක් ක්‍රීඩකයා බෙස්ට් තෝමස් රීඩ් නමැති වයස අවුරුදු 27 ක්වූ බ්‍රිතාන්‍ය ජාතිකයෙකි.
මේ වන විට මළ සිරුර කොළඹ ජාතික රෝහල් පොලිස් මෘත ශරීරාගාරයේ ඇත. පශ්චාත් මරණ පරික්ෂණය 13 වන දින සිදු කිරිමට නියමිත තිබුණි.කොටුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.