සංශෝධික කොතලාවල වෙද පීඨ පනත හකුළා ගෙන, සයිටම් අහෝසි කරන ලෙස ඉල්ලා අන්තර්
විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

ඊයේ (09) විරෝධතා පාගමනක් යද්දී වෝඩ් පෙදෙස මාර්ගය ආරම්භක ස්ථානයේ මාර්ග බාධක යොදා පාගමන ඉදිරියට යෑම වැළැක්වීමට පොලීසිය කටයුතු කරන ලද්දේ සුපුරුදු ලෙසයි.
මාර්ග බාධක ඉවත් කර ඉදිරියට යෑමට උත්සාහ කිරීමේදී පොලීසිය ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ශිෂ්‍යයන් විසුරුවා හැරීමට උත්සාහ කළේය.

එහෙත් ශිෂ්‍යයන් විසිරුවා හැරීමට නොහැකි වූ අතර, අනතුරුව ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම නවතා දැමිණි. පසුව ශිෂයයන් විසින් වෝඩ් පෙදෙස මාර්ගයේ බිම වාඩි වී විරෝධතා රැලියක් පැවැත්වීමට කටයුතු කරන ලදී.නිවැරදි ඉලක්කයට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට පොලීසියට නොහැකි වූ අතර, ඇතැම් කඳුළු ගෑස් උණ්ඩ පුරහල වටරවුමෙන් පිටත ප්‍රදේශවලට පවා පතිත විය.
මේ නිසා මාර්ගයේ ගමන්ගත් ජනතාව දැඩි අපහසුතාවට පත්වූ අතර, කඳුළු ගෑස් ප්‍රහාර එල්ල වූ ප්‍රදේශය ආසන්නයේ පිහිටා ඇති ජාතික අක්ෂි රෝහලේ පිරිසද මේ හේතුවෙන් වැඩි අපහසුතාවට පත්වූ බවට වාර්තා විය.