පසුගියදා විප්ලවකාරී ලෙස වයස 92දී මැලේසියාවේ අගමැති ධූරයට පත්වූ මහතීර් මොහොමඩ් .තමන් එම තනතුර දරන්නේ ටික කාලයක් බව ප්‍රකාශ කර තිබේ.

තමන් අවුරුද්දක්

හෝ දෙකක් අග්‍රාමාත්‍යධුරයේ රැඳී සිටින බවත් සිරභාරයේ පසුවන මැලේසියාවේ විපක්ෂ නායක අන්වර් ඊබ්‍රහීම් අද (16) නිදහස ලබන බවත් ඒ අනුව ඔහුට පාලනය ලබාදීම තම සැලසුම බවත් ඔහු දන්වා සිටියේය.
එරට කැබිනට් මණ්ඩලය පත් කිරීම මේ දිනවල සිදුවන අතර ඒ සම්බන්ධයෙන් මහතීර් මොහොමද් සහ අන්වර් ඊබ්‍රහීම් දෙදෙනා වෙනස් අදහස් දරන බව වාර්තා වේ.
මහතීර් මොහොමද් සහ අන්වර්ගේ නායකත්වයෙන් යුතු පක්ෂ හතරකින් සමන්විත සන්ධානයක් වූ ‘පකතාන් හරපාන්’ සන්ධාන පක්ෂ මහ මැතිවරණයෙන් ජය ලැබුවේ මහතීර් මොහොමද් ප්‍රජාතන්ත්‍රවාදීව ලොව තේරී පත්වූ ලොව වයස්ගතම නායකයා බවට පත් කරමිනි.