ප්‍රවීණ සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු සිදුවුන දිනයේ නිවසේ කලබලකාරී වාතාවරණය මැද ඔහුට ඉන්දියාවෙන් පිරිනැමුණු රණ මයුර සම්මානය අතුරුදන්ව තිබූ අතර
එම සම්මානය බස් රථයක තිබී අද පෙරවරුවේ සොයා ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ,
කඩුවෙල – කොල්ලුපිටිය බස් රථයක, ගමන් භාණ්ඩ රඳවනයක තිබී බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තර විසින් මේ පිළිබඳව කොල්ලුපිටිය පොලිස්ථානය දැනුවත් කර ඇති බවයි.
 කොල්ලුපිටිය - කඩුවෙල 177 බස් රථයක කිසියම් මගියෙකු එය එහි අතැර යන්නට ඇති බවට සැකකෙරේ.
ආර් ඒ ද මැල් පාරේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේදී සොරකම් කරන ලද එම සම්මානය ඊට නොබෝ දුරකින්ම කොල්ලුපිටිය බසයේදී හමුවීම මගින් සොරකම් කරන ලද තැනැත්තා

එය වැඩිදුරක් ගෙනගොස් නැති බවද පෙනී යයි.
මෙම සම්මානය අතුරුදන්වූ දිනයේ සිට මාධ්‍ය මගින් එය නැතිවූ බවට පුළුල් ප්‍රචාරයක් දියත් විය.
ආචාර්ය ලෙස්ටර්ට ලැබුණ සම්මානය රන් පැහැයෙන් යුතුවීම නිසා එය රත්රන් වලින් තැනූවක් ලෙස සොරකම් කරන ලද තැනැත්තා නොමග ගොස් මේ සොරකම කරන්නට ඇති බවට පොලිසියට මුලදී සැකයක් පැනනැගී තිබුණ අතර එම සිද්ධිය පිළිබඳ සෙවීමට අවට නිවාස වල සීසීටීවී පරීක්ෂාවන් පවා සිදු කර තිබුණි.
මෙම පදක්කම 2000 වසරේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතාට 31 වන අන්තර් ජාතික ඉන්දීය සිනමා සම්මාන උළෙලේදී පිරිනැමුණේ සිනමාවට ඔහු කළ මෙහෙවර අගයමිනි.
මෙම සොරකම වියෝවූ මහා කලාකරුවාණන්ට කළ අවමානයක් විය.
මෙම රණමයුර සම්මාන සොරකම ගැන පරීක්ෂණ සිදු කරන අතරවාරයේ ජාතික රූපවාහිනියේ කැමරා පරීක්ෂා කළ පොලිසියට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ අවසන් කටයුතු සිදුකළ දිනයේ ඔහුගේ නිවසේදි ඔහුගේ ජංගම දුරකථනයෙක් සොර ගන්නා අයුරු ද සොයාගන්නට හැකිවිය.
එම ජංගම දුරකථනය නිවසේ අල්මරියක් උඩ තිබියදි සොරාගත් සැකකරු අල්ලාගන්නටද පසුව හැකිවිය.
ආචාර්ය ලෙස්ටර් ජීවත්වූ බදු කුලී නිවසේ බම්බලපිටියේ ඉතා කුඩා බිම් කඩක පිහිටා තිබුණ අතර අවමගුල් කටයුතු වලට පිරිස වැඩිවීම සමග නිතැතින්ම කිසියම් තදබදයක් මතුව තිබුණි. මෙම සොරකම් සියල්ල සිදුවූයේ එම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමිනි.