ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා  වන දෙහිවල-ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී කේ. රන්ජන් ද සිල්වා මහතා ඊයේ  (24දා) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් ඝාතනයවී ඇතැයි වාර්තාවේ.
රත්මලාන ඥානේ‍න්ද්‍ර පාරේදී
මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර තවත් පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇති බවද පැවසේ. වෙඩි තැබීම හේතුවෙන් තිදෙනාම තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබූ අතර, එහිදී රංජන් සිල්වා මහතා මියගොස් තිබේ.රාත්‍රී 8.30ට පමණ

සිදුවූ මෙම වෙඩි තැබීම දේශපාලන කෝන්තරයක් මත සිද්ධවූවක්දැයි පරීක්ෂණ පැවැත්වේ.

මියගිය රන්ජන් ද සිල්වාගේ වයස 62 කි. ඔහු පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයෙකු ලෙස පොහොට්ටුව ලකුණින් තරග කර ජයගෙන මන්ත්‍රී ධූරයක් ලබාගෙන තිබුනේ රත්මලාන බටහිර අාසනය නියෝජනය කරමිනි.
වෙඩි තැබීම සම්බන්ධයෙන් කිසිිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඝාතනය වූ රන්ජන් ද සිල්වාගේ පුත් ධනංජය ද සිල්වා එළඹෙන කොදෙව් සංචාරය සඳහා ද තෝරාගෙන තිබූ ක්‍රීඩකයෙකු වූ අතර ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සමග සිකුරාදා දිනයේදී කොදෙව් දූපත් බලා පිටත්ව යාමට සූදානමින් සිටියේය.