රුවන් තාවකාලිකව නවතාගෙන බලාගන්නා දිවා සුරකුම් මධ්‍යස්ථානයක පාලිකාව හා සහායිකාව තම දරුවාට පහරදී වදදුන්නාය කියමින් දරුවාගේ පියාවන දිසා විනිසුරුවරයකු එම මධ්‍යස්ථානයට එරෙහිව නීති මගට ගොස් එම දෙදෙනා රක්ෂිත බන්ධනාගාරයට යොමු කිරීමේ සිද්ධියක් හා එය තේරුමක් නැති වැඩක් යයි දන්වා උසාවියේ ඇප ලබාදීමේ අවස්ථාවක් ඊයේ වාර්තා විය.
මෙම පාලිකාව හා සහායිකාව දරුවාට කෘර වදදුන්නාය කියා විනිසුරුවරයා නීති මගට ගියද අධිකරණයේ ඉදිරිපත්වූ කරුණු අනුව
දිසා විනිසුරුගේ බිරිය වන නගර සභාවේ නීති අධ්‍යක්ෂිකාව අතර පලහිලව්වක්ද අනාවරණය විය.
දරුවකු පාලනය කිරිමට යම් දඩුවමක් ලබා දෙන්නේ ඔහුගේ සුබ සිද්ධිය සඳහා මිස කෘරත්වයෙන් සැලකීමට නොවන බවත්, එය සිදුවන්නේ චේතනාන්විත අවස්ථාවකදී බැවින් මෙහිදී එවන්නැක් සිදුවි නැති බවත් තීරණය කළ

නඩුව විභාග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා දිසා විනිසුරුවරයකුගේ බාලවයස්කාර දරුවකුට පහර දුන්නැයි රක්ෂිත බාරයේ සිටි  දිවා සුරැකුම් මධ්‍යස්ථාන පාලිකාව සහ එහි සේවිකාව ඊයේ (14) ඇප මත මුදාහැරියේය.
කොළඹ නගර සභාවන් පාලනය වන දිවා සුරැකුම් මධ්‍යස්ථානයක පාලිකාවක වූ රංජනී ප්‍රනාන්දු සහ එහි සේවිකාව වන ශ්‍යාමලී චන්ද්‍රලතා යන දෙදෙනා මෙම සිද්ධියට මුහුණ පා තිබේ.
ඉකුත් 11 වැනිදා අධිකරණය මගින් එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ දස හැවිරිදි දරුවකුට කෘරත්වයට පත් කරන ලදැයි දරුවාගේ පියා වූ දිසා විනිසුරුවරයකු විසින් කුරුඳුවත්ත පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුවය.
සැකකාරියන් වෙනුවෙන් නීතිඥ ඇන්ටන් සේස්නානායක මහතා ඊයේ (14) අධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් මෙසේ කීය.

‘මේ දරුවන් රදවා තබා ඇත්තේ කුඩා කාමරයක. ඒ තුළ එතරම් පහසුකම් නැහැ. කොළඹ නගර සභාවේ නීති අංශයේ අධ්‍යක්ෂිකාවගේ දරුවාට තමයි මේ පහරදිම වෙලා තිබෙනවා කියලා පැමිණිල්ලක් ඉදිරිපත් වන්නේ. අපි විමර්ශනවලට බාධා කරන්නේ නැහැ - මගේ සේවාදායිකාව යටතේ උසස් රැකියා කරන අයගේ දරුවන් රැඳෙනවා. අද මේ හැම කෙනෙක්ම අපහසුතාවයට පත්වෙලා දරුවන් රඳවන්න විදියක් නොමැතිව. ඒ වගේ මගේ සේවාදායිකාවගේ ළමයින්
දෙදෙනාත් මේ ප්‍රශ්නය නිසා අසනීප තත්ත්වයට පත්වෙලා.‘

අධිකරණය - ‘විශේෂයෙන්ම මෙම සිද්ධිය. පිළිබඳව විමසීමේදී දීර්ඝ කාලයක් මුලුල්ලේ පවතින පවුල් ආරවුලක්

සම්බන්ධයෙන් කරුණු අනාවරණය වෙනවා. මෙම දරුවාගේ මව දරුවන්ට පහර දුන් බවට සඳහන් කරමින් බත්තරමුල්ල ළමා මහේස්ත්‍රාත් අධිකරණයේ පවා කරුණු වාර්තා වෙලා තිබෙනවා. ඒ වගේ දරුවාගේ මව පොලීසියට ප්‍රකාශ කරන්නේ 2018 මැයි මස 03 වැනිදා තම දරුවාට සිදුවී ඇති පහර දීම සමිබන්ධයෙන් ඇය
නොදත් බවත් පියා සති අන්තයේ පැමිණ පොලිසියට පැමිණිලි කරන කෙනෙක් තමන් ඒ බව නොදැන සිටි බිවය. මේ අනුව පෙනි යන්නේ දරුවා මව හා පියා යන අය සමග දිර්ඝ කාලයක් ගැටලු ඇති බවයි. මවට විරුද්ධව ක්‍රියා කිරීමට පියාට අවශ්‍යතාවක් තිබූ බවට හැගෙනවා. මවට මෙම දරුවා දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ රඳවා තැබීමට දැඩි අවශ්‍යතාවක් ඇති බවට පෙනී යනවා. පියාට ඉන් දරුවන් ඉවත් කර ගැනීමට අවශ්‍යතාවක් ඇත. පියා හා මවගේ ගැටලු සත්‍ය වශයෙන්ම සැකකාරියන් දෙදෙනා හරහා ගොස් දරුවා කෘරත්වයට පත්කළැයි පැමිණිල්ලේ සදහන් කළ බවට දිස්වෙයි.

යම් දරුවකු පාලනය කිරිමට යම් දඬුවමක් ලබා දෙන්නේ ඔවුහේ සුභ සිද්ධිය උදෙසායි. 1995 අංක 22 සංශෝධිත 308 (අ) වගන්තිය අනුව දරුවන්ව කෘරත්වයට පත් කිරීම චේතනාවෙන්ම සිදුකළ යුතු බවට සඳහන් වෙයි. මෙහිදී දරුවන්ගේ කකුලට පහර දීම සත්‍ය වශයෙන් ම සැකකාරියන් සිදුකළේද නැද්ද යන්න සම්බන්ධයෙන් සැකයට භාජනය වේ. මව විසින් දරුවන්ට පහර දුන් බවට බත්තරමුල්ල ළමා මහේස්ත්‍රාත් අධිකරණයේ පවා නඩුවක් පවතින බැවින්
මේ සියල්ල සලකා බලා සැකකාරියන් ඇප මත මුදා හරිමි. .
ඒ අනුව සැකකාරියන්ට ඇප නියම කළ අධිකරණය සිද්ධියට අදාළ නඩුව ලබන 18 වැනිදා තෙක් කල් තැබීය.