වයස අවුරුදු 19ක තරුණියකට අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වා ලිංගික අතවර කිරීමේ චෝදනාව මත රාජාංගණය ප්‍රදේශයේදී  හිමි නමක අත්අඩංගුවට පත්ව තිබේ.
මෙම හිමි නම රාජාංගණය ප්‍රදේශයේ විහාරස්ථානයක සිටි 27 වියේ පසුවන අයෙකි.  ලිංගික අතවරයට පත්ව ඇති තරුණියට වයස අවුරුදු 15 සිටම මෙම හිමිනම වරින් වර  විහාරස්ථානය තුළදී අසභ්‍ය දර්ශන පෙන්වා
ලිංගික අතවර කර

එම ක්‍රියාකාරකම්වල විඩියෝ දර්ශන හා ඡායාරූප  පරිගණකයේ හා ජංගම දුරකතනයේ ගබඩා කර තිබී ඇත. තරුණියගේ සහෝදරයාද නිතර නිතර විහාරස්ථානයට යන අතර පසුගිය දිනක මෙම සැකකරුට අයත් පරිගණකයක් තරුණියගේ සහෝදරයා විසින් පරීක්ෂා කරමින් සිටියදී එම පරිගණකයේ තම සහෝදරියගේ නිරුවත්  ඡායාරූප තිබෙනු දැක පුදුමවී ඇත.
නිවෙසට ගොස් සහෝදරියගෙන් මේ පිළිබඳව විමසා සියලු තොරතුරු අනාවරණය වී තිබේ.

  මෙහිදී මේ සිද්ධිය පිළිබඳව දායක සභාව කැඳවා දැනුවත් කර තිබෙන අතර එහිදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් දායක සභාවද දෙකට බෙදී සිට ඇත. එහිදී දායක සභාවේ සිටි අයකු විසින් නිරුවත් දර්ශන තිබු හාමුදුරුවන්ගේ ජංගම දුරකතනයද පොළවේ ගසා විනාශ කර ඇති අතර එහිදී හානියක් නොවි විසිවි තිබූ ජංගම දුරකතනයේ දත්ත ගබඩාව (චිප් එක) වෙනත් අයකු විසින් සොයාගෙන එහි ඡායාරූපයක් ලබාගෙන කොළඹ පොලිස් වීශේෂ ළමා හා කාන්තා කාර්යාංශයට යොමුකර තිබේ. එහිදී මෙම ළමා හා කාන්තා කාර්යාංශය විසින් පරීක්ෂණයක් පවත්වා සැකකරු  සිටි විහාරස්ථානයේදී අත්අඩංගුවට ගෙන තිබිණි.
හෙතෙම තඹුත්තේග්ගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 30දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.