සෑම වසරකම මැයි 18 දෙමළ ජාතියේ සංහාර දිනය වශයෙන් නම් කොට එදින ජාත්‍යන්තර ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කළ යුතු බව උතුරු පළාත් සභාවේ ළමා හා කාන්තා කටයුතු පිළිබඳ ඇමැතිනි කේ.
ශෂිධරන් මහත්මිය එම පළාත් සභාවට  යෝජනාවක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර තිබේ.

      අමාත්‍යවරිය යෝජනා කර ඇත්තේ ඉකුත් 11 දා එම පළාත් සභාවේ 122 වැනි සැසිවාරයේදීය. අමාත්‍යවරීයගේ  මෙම යෝජනාව සම්බන්ධයෙන්

ඉදිරී  පළාත් සභා වාරයේදී සලකා බලන බව එම පළාත් සභාවේ සභාපති සී. වී.කේ සිවඥානම් මහතා ප්‍රකාශ කළ බව සඳහන් වෙයි.

    මැයි 18 දා මෙලෙස ජාත්‍යන්තර ශෝක දිනයක් බවට ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන්  රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම සඳහන් කළේ මැයි 18 යනු ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ ජාත්‍යන්තර ත්‍රස්තවාදය පරාජය කළේ දිනයක් නිසා එදින ජාත්‍යන්තර ශෝක දිනයක් නොව ජාත්‍යන්තර විජයග්‍රාහී දිනයක් බවට පත්කළ යුතු බවත් එදින ශෝක දිනයක් බවට පත්කිරීමට ඉල්ලීම් කරන්නේ තවමත් ත්‍රස්තවාදය, ඉදිරියේ මුණිවත රකින ආණ්ඩුවේ පාලකයන්ගේ නිවටකම් මෙයින් පැහැදිලි වන බවත් තම ආණ්ඩුවක් යටතේ මෙවැනි පාලකයන්ට දේශද්‍රෝහී චෝදනා යටතේ නඩු දමන බවද හෙතෙම ප්‍රකාශ කළේය.