ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා අද පාර්ලිමේන්තුවේ නව සැසිවාරය අරඹමින් පාර්ලිමේන්තුවට පැමිණි දවසේම පක්ෂයේ තීරණයට පිටුපාමින් ඇමති ධූර වලින් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 16 දෙනා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත්හ.
මෙම හරස් ගමනේ මුලින්ම ගිය අය අතර
ඊයේ නිදහස් පක්ෂ වේදිකාවටද නැගි සුමේධා ජී ජයසේන දයාසිරි ජයසේකර ජෝන් සෙනෙවිරත්න ආදීන්  විය. ඔවුන් සභාව ආරම්භ වීමට පෙර

සභාව මැදින් ගොස් විපක්ෂයේ අසුන් ගත්හ.
විපක්ෂයට පැමිණි මන්ත්‍රීවරු පිටව යද්දී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු හූ හඬ නඟමින් කෑ කෝ ගැසු අතර ඒකබද්ධයේ මන්ත්‍රීවරු ඔවුන්ව අත්පොළසන් නාදයෙන් යුතුව හරසරෙන් පිළිගත් බව වාර්තා විය.
අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ආරම්භ කරමින් රාජාසන කතාව ඉදිරිපත් කළ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා  පාර්ලිමේන්තුව හෙට (09දා) පස්වරු 1.00 දක්වා කල්දැමූ පසු මෙම 16 දෙනා බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේ විපක්ෂයේ පිරඑිස මගින් පිළිගැනීමේ උත්සවයකටද එක් විය.
මේ නිසා අවට දැඩි මාර්ග තදබදයක් ඇති විය.