ලංකාවේ පසුගිය කාලය දක්වා පිරිමි පාසල් වලට පමණක් සීමාවී තිබුණ බිග්මැච් තරගාවලි බාලිකා පාසල්වලටද ව්‍යාප්ත කර ඒවා සංවිධානය කිරීමට කටයුතු යෙදූ බව  ක්‍රිකට් ආයතනයේ කාන්තා ක්‍රිකට් අංශ භාර නිලධාරිනි අප්සාරි තිලකරත්න මහත්මිය ඊයේ පැවසුවා.
බාලිකා පාසල් මහා ක්‍රිකට් තරග දිවයින පුරා ශීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතින බවත් 2017 වසරේ 10 ක් පැවැත්වූ බවත් පසුව 2018 වසරේ 15 ක් දක්වා වර්ධනය වී ඇති බවත් පවසන ඇය කියා සිටියේ බාලිකාවන් අතර, ක්‍රිකට් ක්‍රීඩාව ජනප්‍රියකර එමගින් ජාතික හා ජාත්‍යන්තර මට්ටමට දක්ෂ

ක්‍රීඩිකාවන් හඳුන්වාදීමට ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා අපේක්ෂා කරන බවය.
මේ අනුව ඉදිරියේ පැවැත්වෙන බාලිකා මහා තරගද ඊයේ ප්‍රසිද්ධ කර තිබුණි.

මැයි 9 – වව්නියාව හින්දු විදුහල – මන්නාරම හින්දු විදුහල, මැයි 11 – රත්නාවලී බාලිකා – නුගේගොඩ අනුලා, මැයි 18 –  කටුගස්තොට අන්තෝනි බාලිකා – නුගවෙල ම. ම. වි., මැයි 25 – ඔක්කම්පිටිය විදුහල – ඇතිලිවැව විදුහල, මැයි 31 – කන්තලේ මැදි විදුහල – කන්තලේ සිංහල විදුහල, ජූනි 1 – මඩකලපුව සඳමාලි හා මහජන විදුහල, ජූනි 8 දෙහිඅත්නකණ්ඩිය මැදි – මැදගල විදුහල, කොළඹගේ ආර් විදුහල හා කුරුවිට මැදි විදුහල (දිනය දැනුම් දෙයි), වේල්ස් කුමරි – බෞද්ධ බාලිකා (දිනය දැනුම් දෙයි), විශාකා – බදුල්ල මැදි (දිනය දැනුම් දෙයි), මාතර අනුර – තලල්ල ධර්මවිජය (දිනය දැනුම් දෙයි)