ශ්‍රී ලාංකික සම්ප්‍රදායට පිටුපාමින් මෙවර වෙසක් පුන් පෝය දිනය අප්‍රේල් මාසයට යොදා ගැනීම කිසිසේත් සිදුනොවිය යුත්තකැයි නියගොඩ ශ්‍රී විජිතසිරි මල්වතු පාර්ශ්වයේ අනුනාහිමියෝ ඊයේ (23) පැවැසූහ.  ජාත්‍යන්තර වෙසක් උත්සවය සහ අනකුත් බෞද්ධ රටවල වෙසක් පෝය දිනය මැයි මස 29 වැනි දිනට
යොදාගෙන තිබෙන බවද ශ්‍රී ලංකාව පමණක් වෙසක් පෝය අප්‍රේල් මාසයට යොදා ගැනීම මහා විහිළුවක් බවද මල්වතු අනුනාහිමියන් කීහ.ජනමාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් මල්වතු අනුනාහිමියන් මෙසේ ද පැවැසූහ.
"මැයි මාසයට යෙදෙන පසළොස්වක පෝය දිනය වෙසක් පෝය ලෙස සලකනවා. මැයි මාසය වෙසක් මාසයයි. එය සාම්ප්‍රදායයක්. 2018 වසරේ වෙසක් පෝ දිනය මැයි මාසයේ 20 වැනි දින යෙදන පසළොස්වක පෝය දිනට යොදා ගැනීමට තිබුණා.

බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බෞද්ධ ජනතාව පින් දහම් සිදුකොට බුදුන් වහන්සේ

වෙනුවෙන් කැපවන වෙසක් පුන් පෝය දිනය ද තම තමන්ගේ හිතුමතයට වෙනස් කිරිම උචිත වන්නේ නැහැ අප්‍රේල් 29 වැනිදා යෙදී තිබෙන පුන් පෝය දිනය බක් මහේ පෝය දිනයයි. ශක රාජවංශය අනුව බක් මස අගට යෙදී ඇති පුන් පොහෝ දිනය අධිපසළොස්වක පෝය දිනයක් ලෙස සැලකීම් වරදක් නොමැති නමුත් වෙසක් පුන් පෝය දිනය ලෙස සැලකීම සුදුසු නැහැ
තායිලන්තය චීනය ඉන්දියාව වැනි රටවල් වෙසක් දිනය සමරන්නේ මැයි මාසයේ අවසානයට යෙදී ඇති පසළොස්වක පෝය දිනයයි. ජාත්‍යන්තර වෙසක් උත්සවය පවත්වන්නේ ද මැයි මස අගට යදි තිබෙන පසළොස්වක පෝය දිනයදායි..

කිසිවකුගේ උපදෙසක් මත සාමිප්‍රදායික ලෙස බෞද්ධ වර්ෂය පිළිගනිමින් බැහැරව මෙවන් තීන්දු තීරණ ගැනීම සමස්තයක් ලෙස සාවද්‍යයි
මෙවැනි අත්තනෝමතික තීන්දු තීරණ නිසා රට ජාතියට දූර්විපාක භුක්ති විඳීමට පවා සිදුවිමට ඉඩ තිබේ."
මෙම වසර වෙනුවෙන් පලාඵල ප්‍රකාශයට පත් කළ එක් ප්‍රවීණ ජ්‍යොතිෂවේදියකු පවසන ලද අනාවැකියකින් යම් යම් වැරදි තීන්දු තීරණ ගනීමින් රට තුළ ව්‍යසන, ඝාතන, දිවි නසා ගැනීම, දිවි හානිවිම් බහුලව ඇතිවීමට ඉඩ තිබන බව පෙන්වා දී තිබුණා. එම ඉකුත් වසරේ සිංහල අලුත් අවුරුද්දේ සිදුවූ කුණු කන්ද කඩා වැටීමෙන් පසුව නාය යාම්, ගංවතුර විපත් ඇතුළු දේශගුණික විපර්යාසයන් සහ ජීවිත හානි පම් රටේ මේ දක්වා සිදුවෙමින් පවතින බව ද මල්වතු අනුනාහිමියෝ කීහ.