විමලවීර භූතයෙක්
රංජිත් නාකි සුද්දියෙක්ගෙ ගේ අරන්

-පොයින්ට් ඔෆ් ඕඩර් ඉල්ලූ මන්ත්‍රීවරුන්ව
රාජිත කුඩු පට්ටම් කරයි
(video)


ඊයේ රාත්‍රී පාර්ලිමේන්තුවේ පැවති අගමැති රනිල්ට එරෙහි විශ්වාස භංග විවාදයේ අවසන් උද්වේගකර කතාව සිදු කළේ ඇමති රාජිත සේනාරත්නයි. ඔහු සිය කතාවේදී කියා සිටියේ මෙවැනි විශ්වාසභංගයක් රනිල්ට එරෙහිව ගෙනෙන්නේ පැවති රජයේ වංචා දූෂණ මිනීමැරුම් කළ අය තම චෝදනාවලින් නිදහස ලබාගැනීමේ උපායක් ලෙස බවයි. ඒ අනුව රාජිත ලිපි ගොනු කියවමින් විශාල පිරිසකගේ වැරදි හෙළි කරමින්
සිටියේය.
මේ අතරවාරයේ රාජිතගේ කතාවට බාධා කරමින් ‘පොයින්ට් ඔෆ් ඕඩර්‘ කියමින් සභාවේ කෙටියෙන් කතා කිරීමට අවස්ථාව උදාකරගත් විපක්ෂ මන්ත්‍රීවරුන් සිටි අතර ඔවුන් ප්‍රශ්න ඇසූ පසු රාජිත කළේ ඔවුන්ගේ ඉතිහාසය හෙළිදරව් කරමින් පතුරු ගැසීමය.
මෙම පලහිලව්වට බඳුන්වූ එක්

මන්ත්‍රීවරයෙකු වූයේ ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සොයිසාය. ඔහු ජේවීපී කර මිනී මැරූ බවත් තමන්ගේ අල්ලපු වත්තේ සිටි නාකි සුද්දියකගේ නිවස බලෙන් අල්ලාගත් බවත් කියමින් රාජිත චෝදනා කළේය.

දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී විමලවීර දිසානායක රාජිතට බාධා කළ අවස්ථාවේ රාජිත ඔහු මානසික රෝගියෙකු ලෙස නම් කළ අතර බුලත්විට කෑම නිසා එය උත්සන්නව තිබෙන බවත් අවශ්‍ය නම් ප්‍රතිකාර

දෙන්නට උදව් කළ හැකි බවත් පවසා සිටියේය. එසේම ඔහුගේ මුහුණ ‘භූතයෙකු‘ වැනි යයි රාජිත උපමා කළේ සභාවේ සිටි අයට හාස්‍යය කැඳවමිනි. මූණ වැල්ලේ ඔබාගන්නා ලෙසත් ඔහු මතක් කළේය.
මෙම අවස්ථාවන්හි වීඩියෝව පහතින්