සිරසට පහර දුන්නේ කිත්සිරි
මහින්දගෙ ගේ ගාව නැතුව අපි ගාවට ආවෙ ඇයි? 
- සිරස අසයි

ඊයේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග විවාදයෙන් පසුව එළැඹි පැය කිහිපය තුළ කොළඹ පිහිටි සිරස නාලිකාව අයත් මහරාජා ගොඩනැගිල්ල අසළ පිරිසක් පොදු දේපළ වලට අලාබහානි කරමින් කලහකාරී ලෙස හැසිරීමේ සිදුවීමක් වාර්තා විය.
මේ හේතුවෙන් පැයකට අධික කාලයක්
නිව්ස්ෆස්ට් කාර්ය

මණ්ඩලයට පරිශ්‍රය තුළ කොටු වී සිටින්නට සිදුවූ බව එම ආයතනය දන්වා ඇති අතර කොළ පැහැති කොඩි ද අතැතිව පැමිණි මෙම කණ්ඩායම අතර එක්සත් ජාතික පක්ෂ කොළඹ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ නැමැත්තා ඉදිරියෙන්ම සිටි බවද වාර්තා කර ඇත.
මෙම පිරිස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අසළට රැස්වී සංවිධානාත්මක අයුරින් පැමිණ මෙම ක්‍රියාවේ නිරත වී තිබු බවද ඔවුන් දන්වා සිටී.මේ ගැන විස්තර වාර්තාවක් පළ කරන නිවුස් ෆර්ස්ට් මෙසේ අසයි.

‘අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාව ගෙන එනු ලැබුවේ ඒකාබද්ධ විපක්ෂය විසිනි.එබැවින් කිත්සිරි රාජපක්ෂ මහතාට අප සිහිපත් කරනුයේ ඔබ යා යුතුව තිබුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිටට බවය.‘

එම වාර්තාව පහතින්