රජරට මන්ත්‍රීගේ අනඟ රැඟුම් 
බිරිඳට මාට්ටු වී 
නිවාස සංකිර්ණය යුද පිටියක් වුණ හැටි


රජරට, මැද පළාත හා දකුණු පළාතේ මන්ත්‍රිවරු තිදෙනා ගජ යාළුවෝය. එකම පාර්ශවයේය. රාජකාරියට අගනුවර පදිංචිව සිටින්නේ එකම නිවාස සංකිර්ණයකය. අසැබි චිත්‍රපට නැරැඹීමටත් කැමැතියි. ලස්සන නිළියන් ගැන කතා බහටත් රුචිය. දඟකාර හැඩකාර කටකාර තරුණ නිළියක් ගැන ඔවුහු වැඩියෙන් කතා කරති. ඇගේ ආදර සංග්‍රහ විදගන්නට ඇත්නම් කීයක් ගියත් කමක් නැතැයි කියති.
රජරට මන්ත්‍රී කෙසේ හෝ එක් නිළියක ගෙන්වා ගැනීමට මඟ පාදා ගත්තේ එවැනි වැඩවලට පළපුරුදු කෙනකු
මගිනි. අනෙක් දෙදෙනාත් වැඩේට සමාදම් කරගත්තේය. වියදම් සිව්දෙනා බෙදා හදාගත්නටද එකග විය.
රගපාන්නට යන චිත්‍රපටය ගැන නිවාස සංකීර්ණයේ කාට හෝ ඉව වැවී තිබිණි. රජරට මන්ත්‍රිගේ ගමේ ගෙදර දුරකතනයට ලැබුණු නිර්නාමික පණිවුඩය ලබාගත්තේ ඔහුගේම බිරියයි.


 මැඩම් කොළඹ ගෙදරට හෙට උදේ නිළියක් එනවා මහත්තයා එක්ක චිත්‍රපටයක් රඟපාන්න. ආවාම අපි කියන්නම්. ඇවිල්ලා අල්ලා ගන්න. සැමියාගේ හැටි දන්නා බිරිය වහාම කොළඹට පැන ඥාතිවරියකගේ නිවසේ නතර වූවාය.

පසුදාට පහන් විය උදේ නව දහය වන විට නිළිය කතා කරගෙන තිබූ අයුරින්ම නියමිත නිවසට ආවාය. තිදෙනාම ඇගෙන් ඇපොයින්ට්මන්ට් ලබාගෙන තිබිණි. මුල්ම හමුවීම රජරටය.
රජරට මන්ත්‍රී බිරිය ඥාතිවරියගේ නිවෙසේ සුදානමින් සිටියේ කොයිවෙලාවේ දුරකතන ඇමැතුමක් ලැබේ දැයි සිතමිනි.පණිවුඩය ලැබිණි. ඇය රියැදුරු සමග වාහනයේ ඇගේ සැමියා පදිංචි ස්ථානය කරා ආවාය. දොර වසා තිබිණි.
ඒ වන විට පළමු දර්ශනය නිම කළ නිළිය ඇග පත දොවා ගන්නට නාන කාමරයට ගොස් සිටියාය. සිගරැට්ටුවක් දල්වා ගත් රජරට මන්ත්‍රි  දිගා වී ගෙවී ගිය මොහොත රස විඳිමින් සිටියේය.

දොර තට්ටු කරන හඩින් නැගී සිටි ඔහු මිතුරන් දෙදෙනා අපේක්ෂාවෙන් දොර ඇරියේය. එහෙත් මාරාවේශයෙන් ගෙට පැන්න්නේ ඔහුගේ බිරිය. ඇය මරහඩ තළන් නිදන කාමරයට දිව ගියාය. නුපුරුදු කාන්තා ඇඳුමක් ඇඳුම් රාක්කයේ දක්නට
තිබිණි.

කොළඹට වෙලා තමුසේ නටන නාඩගම අද අහුවුනා. ඒකි අල්ලාගන්නම්. ඇරපිය නාන කාමරේ දොර. වර එළියට.." කියමින් ඇය නාන කාමරයේ දොර ඇර ඒ තුළ සිටි නිළියගේ කෙස්වැටියෙන් අල්ලා පිටතට ගත්තාය.

ඇය බේරා ගන්නට රජරට මන්ත්‍රිවරයා ඉදිරිපත් වුණත් පලක් නොවීය. දෙදෙනාටම බිරියගේ ගුටි බැට අහාරයෙන් බේරුමක්  නොවිය. ලද ඇසිල්ලෙන් දුරකතනය අතට ගෙන යාබද කාමරයට පැනගත් ඔහු සිදු වු සංගදිය මිතුරු මන්ත්‍රින් දෙදෙනාට දැනුම් දුන්නේ වෙව්ලමිනි.