සියලුම දන්සල් මහජන සෞඛ්‍ය පරික්ෂක කොට්ඨාස මට්ටමින් ලියාපදිංචි වීම අනිවාර්ය වන අතර එම දන්සල්වල ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ප්‍රෙදේශයේ ආහාර බලධාරින් සහතිකවීම අත්‍යවශ්‍ය
වන්නේයැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛඳ අනිල් ජාසිංහ මහතා පැවැසීය.
ඒ අනුව දන්සල් පවත්වාගෙන යන අයගේ නම, ලිපිනය, දුරකථන අංකය වැනි මුලික
තොරතුරු ලියාපදිංචියේදී ලබාදිය යුතු බවද දන්සල් ආරම්භ කිරීමට ප්‍රථම හා දන්සල් අවසන් කිරීමෙන් පසුව මහජන සෞඛ්‍ය

පරීක්ෂික වසින් ස්ථානය පරික්ෂා කර සෞඛ්‍යයට හානි නොවන බවට වග බලා ගත යුතු බවද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිකුත් කළ චක්‍රලේඛයක සදහන් වේ.
මේ අතර සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයද දන්සල් සම්බන්ධයෙන් උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. ඒ අනුව දන්සල් පැවැත්වීමට ප්‍රථම අනිවාර්යයෙන්ම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා දැනුත් කරන ලෙසත් දන්සල සඳහා ප්‍රමාණවත් ඉඩකඩ ඇති ප්‍රදේශයක්
තෝරා ගත යුතු බවත් එහි සඳහන් වේ. මීට අමතරව දන්සලේ සියලු කටයුතු සඳහා පිරිසිදු ජලය භාවිත කිරීම ආහාර පිළියෙළ කිරීමට අත්දැකීම් සහිත පුද්ගලයන් පමණක්
යොදවා ගැනීම, ආහාරපාන මිලදී ගැනීමේදී කල් ඉකුත් වන දිනය ගැන සැලකිලිමත්වීමද
අත්‍යවශ්‍ය වේ. ආහාර පිළියෙළ කිරීමට, බෙදීමට හා කැමට පෙර දෑත් හා භාවිත කරන උපකරණ හොදින් පිරිසිදු කිරීමද අවශ්‍ය වේ. මීට අමතරව ආහාර පිළියෙළ කිරීමේදී හැකිතාක් හිස්වැසුම් හා ඒප්‍රන් පැළඳීම අවශ්‍ය බවද එම උපදෙස් මාලාවේ සඳහන් වේ. බීම දන්සල් සඳහා පැණි බීම වෙනුවට රණවරා, පොල්පලා හා බෙලිමල් ආදිය ලබාදීම
ඉතා යහපත් වන බවද ස්වභාවික පලතුරු වලින් සකස් කරන බීම ලබා දෙන්නේ නම්
ඒවාට සීනි එකතු නොකරන ලෙසද හැකිතාක් පොලිතින් භාවිත නොකරන ලෙසද සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය නිකුත් කළ එම උපදෙස්වල සඳහන් වේ.