මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ නගරයේ තොරණ 10 ක් ඉදිකර ඇති අතර වෙසක් කලාප 6 ක්
පවත්වනු ඇත. පෑලියගොඩ නවලෝක, හුණුපිටිය ගංගාරාමය, පිටකොටුවේ බෝධිය අසළ සහ බැස්ටියන් මාවත, තොටළඟ, කොස්ගහදිය, දෙමවිගොඩ, සිරස බේබෲක් පෙදෙස,

කොළඹ 7 බෞද්ධ මහා සම්මේලනය, කොළඹ වරාය ශ්‍රී සම්බුද්ධ ජයන්ති චෛත්‍ය අසල මෙම තොරණ ප්‍රදර්ශනය කරනු ඇති අතර
වෙසක් කලාප පවත්වන්නේ,
 හුණුපිටිය ගංගාරාම ‘බුද්ධ රශ්මී‘ කලාපය, කොළඹ වරාය ‘කොලොම්තොට‘වෙසක් කලාපය, ‘බෞද්ධාලෝක‘ වෙසක් කලාපය, ‘සිරස‘ වෙසක් කලාපය, කොළඹ ‘පුරහල‘ වෙසක් කලාපය සහ ‘මරඳාන‘ වෙසක් කලාපය යි.

 මීට අමතරව සීදුව සිරිසුගතාරාමය, කටුනායක බෝධිරතනාරාමය, රාගම දුම්රිය ස්ථානය අසළ, ගම්පහ, පැපිලියාන ඇතුළු ප්‍රදේශ රැසක තොරණ හා වෙසක් කලාප රැසකි.