එජාපයේ ඊළඟ මහලේකම් - අකිල
නියෝජ්‍ය නායකකම් සාගලට හා රවීට

රවීට ආයෙත් ඇමතිකමක්
- මහින්දානන්ද හෙළි කරයි

පසුගියදා පැවති විශ්වාසභංග විවාදයේදී කතාවක් පැවැත්වූ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ එජාපයේ නව ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් දැනට පවතින ආරංචි ගැන ඉඟි පළ කළේය. ඔහු පැවසූයේ මෙසේය.
‘තමුන්නාන්සේලා ප්‍රතිසංස්කරණයක් කරාට මුකුත් වෙන්නෙ නෑ. තියන දේමයි වෙන්නෙ.මගෙ පරණ මිත්‍රයා කුලියාපිටියේ අකිල විරාජ්
මහත්තයා එක්සත් ජාතික

පක්ෂයේ මහලේකම් ධූරයට පත් කරනවා. අද මේක දින්නට පස්සේ කබීර් හෂීම් ඉල්ලා අස්වෙලා තමා මේක කරන්නේ. අපි එතුමට සුබ පතනවා. ඒක තමයි නියම විදියට වෙන්න ඕන.

ඊළඟට සාගල රත්නායක නියෝජ්‍ය නායක වෙනවා. අන්න ඔබතුමන්ට ලැබෙන නියම ප්‍රතිසංවිධානය. කට ඇරල දත්මැදල බලාගෙන ඉන්න. ඊළඟට

තමුන්නාන්සෙලා රවී කරුණානායකට බිත්තියට හේත්තු කරලා දුන්නා. ඒත් ඊළඟට මොකද වෙන්නෙ. රවි කරුණානායක ආයෙත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක. ඊළඟට ඇමතිකමකුත් එයාට. අපට මාර සිඟිති චූන් එකක් ගන්න පුළුවන්. එජාපයේ වෙනස කියල ඕකයි වෙන්නෙ.‘