අලුත් අවුරුදු උත්සව සමය නිමිත්තෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි ඉකුත් මාසයේදී දිවයින පුරා
වැටලීම් 1877 ක් සිදුකර

ඇතැයි එම අධිකාරීය සඳහන් කරයි.
මෙහිදී නඩු පැවරීම් 1340 ක් සිදුකර ඇති අතර, දඩමුදල් ලෙස රුපියල් 5,764,900 ක මුදලක් අයකරගෙන ඇත.

උත්සව සමය තුළදී වෙළඳපොළේ පාරිභෝගික ජනතාවට සිදුවන අකටයුතුකම් අවම කිරීම සඳහා දිගින් දිගටම වැටලීම් සිදුකරන බැව් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
වෙළඳපොළේදී සිදුවන අසාධාරණකම් පිළිබඳව 1977 දුරකථන අංකයට හෝ 011-7755481/82/83 යන දුරකථන අංකවලට පැමිණිළි කළ හැකි බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.