වෙසක් පොසොන් පෝය දින 
තොරණ ප්‍රදර්ශනය තහනම්

වෙසක් පොහෝ දිනවලදී තොරණ ප්‍රදර්ශනය කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට බුද්ධ ශාසන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
පොහොය දිනයේ  වැදගත්කම නොසලකා  තරුණ පිරිස පන්සලේ රැඳී නොසිටීම  හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත් පෝයට පෙර හෝ පෝයට පසු දිනවල
ප්‍රදර්ශනයට

අවහිරතාවක් නැත.
සවස් කාලයේදී ආගමික වතාවත්වලට වැඩිහිටියන් කිහිප දෙනෙක් ඉතිරී වෙනවා මිස වෙනත් කවුරුවත් පන්සල්වල රැඳෙන්නේ නැතිකම නිසා සියලු තොරණ පෝයට නවතන ලෙස දැනුම්දී තිබේ.
අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ ප‍්‍රධාන සංඝ නායක පදවියෙන් පිදුම් ලැබූ විශ්‍රාමලත් ගුරු උපදේශක ශාස්ත්‍රපති ගල්වෙහෙර විමලසිරි හිමියෙන්ට අක්තපත්‍ර ප්‍රදානය කිරීම නිමිත්තෙන් බළපිටිය පාතේගම කෝවිලවත්ත බෝධිරුක්ඛාරාම  විහාරස්ථානයේ පැවැති උත්සවයකදී බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මේ බව දැන්වීය.

Related
වෙසක් දිනවල තොරණ සහ දන්සල් තහනම් කිරීමක් නැහැ -රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ