ශ්‍රී ලංකාව බංග්ලාදේශයට පරදී 
- අවසන් තරගය අහිමිවේ

නිදහස් කසලානය යටතේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද 16 පැවති විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් විය. මුලින් පන්දුවට පහරදී ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 159 බංග්ලාදේශය පසුකර ගියේ ඔවුනගේ ඉනිමේ අවසාන පන්දුවට පෙර පන්දුවේදී 6 පහරක් ගසමිනි.

මේ අනුව නිදහස් කුසලාන

අවසන් තරගය සඳහා දැනට තේරී සිටින ඉන්දියාව සමග තරග වදිනු ඇත්තේ බංගලිදේශයයි. මව්රටේදී තුන්කොන් තරගාවලියක පිටපිට තරග 3 ක් ලංකාව පරාජයට පත්වූ මුල්ම අවස්ථාවද මෙය වෙයි.

අද තරගයේ අවසාන පන්දුවාරයේ නිපන්දුවක් යැවීම සම්බන්ධයෙන් මතභේදයක්ද මතුවූ අතර බංග්ලාදේශ කණ්ඩායම කලබලයට පත්වී හැසිරුණි. නමුත් බංගලිදේශ නායකයා තරගය අවසන්වූ පසුව ඒ ගැන සිය කණගාටුව ඉල්ලා ප්‍රකාශයක් කළේය.

තරගය අවසන්වූ අවස්ථාවේ කුසල් මෙන්ඩිස් යම් ආරවුලකට යන ස්වරූපයක් හා බංගලිදේශ සගයෙකු ඔහු ආරක්ෂා කර ඉවතට ගෙනයන අවස්ථාවක්ද දක්නට ලැබුණි.
තමිල්  ඉක්බාල් හා මහමුදුල්ලාගේ ප්‍රහාරයන් නිසා බංගලිදේශයට ජය හිමි විය.
කුසල් පෙරේරා හා තිසර පෙරේරා ලංකාව වෙනුවෙන් වැඩි ලකුණු රැස් කරන ලදි.
මැච් එක ඉවරවෙලා කුසල් මෙන්ඩිස් වලියකට සෙට් වෙන්න හැදූ හැටි (video)