ශ්‍රී දේවිගේ මරණයට හේතුව
දියණිය ජාන්වී පෙර විවාහයේ පුතා සමග සම්බන්ධවීමලු

පසුගියදා සමුගත් ඉන්දීය නිළි ශ්‍රී දේවිගේ මරණය සම්බන්ධයෙන් පළවන අලුත්ම වාර්තා අනුව ඇය සිය දියනියගේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් අධික ලෙස කලකිරී සියදිවිනසාගැනීමක් සිදු කර ඇති බවට වාර්තා පළව තිබේ.
ශ්‍රී දේවි සහ මිථුන් චක්‍රබොර්ති අතර 1980 දශකයේ ඇති වූ පළමු විවාහයෙන් ඔවුන්ට දාව පිරිමි දරුවකු සිටි බවද ඔහු දැන්  තරුණවියේ පසුවන්නෙකු බවද පැවසෙන අතර ශ්‍රීදේවිගේ දෙවන කසාදයේ දියණිය ජාන්වී
නෑකමට සහෝදරයා වන එම පුද්ගලයා සමග ඇති කරගෙන තිබෙන පෙම් සබඳතාවය ගැන කලකිරී සිටි ශ්‍රී දේවී අධික ලෙස මත්පැන් පානය කර මෙම විපත සිදුකරගෙන ඇතැයි වාර්තා පළව තිබේ.
 මිථුන් - ශ්‍රී දේවි යුවළගේ  විවාහය

දෙදරා යෑමත් සමග ඔවුන්ට උපන් පිරීමි දරුවා මිථුන් සමග රදවා ගත් අතර ඔහු මේ වන විට මුම්බායිහි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන මහාක්ෂේ චක්‍රබෝර්ති නමැත්තෙකි.

දියණිය ජාන්වී  සහෝදරයෙකු වන මහාක්ෂේ සමග ඇති කරගත් පෙම් සබඳතාව හේතුවෙන් ශ්‍රී දේවි දැඩි මානසික පීඩාවට පත් වූ  බවත්, ඉන් මිදීම සඳහා ඇය මත්පැන් පානයට හුරු වූ බවත් සදහන් වෙනවා.
පාසල් අවදියේ සිට ජාන්වී හා මිථුන්ගේ පුත්‍රයා වූ මහාක්ෂේ චක්‍රබෝර්ති අතර හිතවත්කමක් තිබී ඇති අතර, පසුව එම හිතවත්කම පෙම් සබඳතාවක් දක්වා දුරදිග ගොස්  ඇති බවද වාර්තා විය. මේ කාරණාව පිළිබඳව දැනගැනීමත් සමග ශ්‍රී දේවි සිය දියණිය ජාන්වි හට අවවාද කර තිබෙයි. එහිදී ශ්‍රී දේවි ජාන්වි සහ  මහාක්ෂේ චක්‍රබෝර්ති අතර ඇති නෑදෑකමද පහදා දී ආරවුල්ඇති කරගෙන තිබේ.

මොවුන් දෙදෙනා දිගින් දිගටම සිය සබඳතාව පවත්වාගෙන යැම පිළිබඳව ශ්‍රී දේවි දැඩි සිත් වේදනාවෙන් පසු වූ බව සඳහන් වෙයි.   ජාන්වී කපූර් මහාක්ෂේ සමග ඇති කරගත් පෙම්  සබඳතාව හේතුවෙන් සිත් තැවුලට පත් වූ ශ්‍රී දේවි අධික ලෙස මත්පැන් පානය කර දියේ ගිලී සිය දිවි හානි කරගෙන ඇත්ද යන්න පිළිබඳව මාධ්‍ය වාර්තා සැක පළ කර තිබේ.
මෙම මරණය සම්බන්ධයෙන් සැමියා බොනී කපූර් මුලදී පැවසූ ඇතැම් දේවල් පරස්පර වීම මත මෙවැනි ගැටලුවක් ප්‍රසිද්ධවීම වැළැක්වීමට උත්සාහ දරා ඇති බවක්ද කියැවේ.