බත්තරමුල්ල නගරාශ්‍රිතව පිහිටි හෝටලයක පණුවන් සහිත චීස් කොත්තු විකුණු බවට චෝදනා ලබා කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ එම හෝටල්

සේවකයකු

රුපියල් ලක්ෂයක ශරීර ඇප හා රුපියල් 1500ක මුදල් ඇප යටතේ මුදාහැරීමට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.
විත්තිකරුට එරෙහී පැමිණිල්ල "බී" වාර්තාවක් හරහා අධිකරණයට ඉදිරිපත් කළ බත්තරමුල්ල  මහජන මහජන සෞඛ්‍ය පරීක්ෂක වජිර දසනායක මහතා. ඉහත කී හෝටලයේ ආහාර ද්‍රව්‍ය පරික්ෂා කිරිමේදී මිනිස් පරිභෝජනයට අහීතකර ලෙස සකස් කළ කල්ඉකුත් වු පණුවන්, සහිත චීස් කොත්තු තබා නිබූ බවට අනාවරණය වූ බවට ප්‍රකාශ කළේය.
සැකකරු ඉහත කි ඇප කොන්දේසි මත මුදාහරීමින් පැමිණිල්ල යලි ජුනි මස 4 වන දින කැඳවීමට ද අධිකරණය නියෝග කරන ලදී