Kandy Issue Updates 8.45 am
  • මහනුවර ඇදිරිය දිගටම
  •  සියයකට ආසන්න පිරිසක් අත්අඩංගුවට
  • අඹතැන්න පිපුරුමෙන් එක් අයෙක් මරුට
  • වැලිමඩටත් පොලිසිය
  • මහින්ද රජයට සහය දෙන්න කැමතිලු
  • පැය 24 පැමිණිලි අංකයක්
  • පාසල් සියල්ල වහලා - දින නියමයක් තවම නෑ

පවතින නොසන්සුන්කාරී තත්වය පාලනය කිරීමට මහනුවර දිස්ත්‍රික්කය පුරා බල පැවැත්වෙන පරිදි ඊයේ සවස 4.00 ක්‍රියාත්මක වූ ඇඳිරිනීතිය අද පස්වරු 4.00 දක්වා බල පැවැත්වෙන බව පොලීසිය පවසා තිබුණ නමුත් මහනුවර පරිපාලන දිස්ත‍්‍රික්කයට පනවා ඇති ඇඳිරි නීතිය මාර්තු 08 පෙ.ව. 10.00 ට ඉවත් කොට      ප.ව. 6.00 ට නැවත පැනවීමට නියමිත බව දැන් වාර්තා කර තිබේ.
මහජන ආරක්ෂන ආඥා පනතේ පස්වන වගන්තියට අනුව ඊයේ පස්වරු 4.00 සිට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් මහනුවර දිස්ත්‍රික්කය සඳහා ඇදිරිනීතිය ප්‍රකාශයට පත් කරනු ලැබුවා.මෙම කාලය තුළ
සියලු රාජ්‍ය සේවකයින්, පොලිස් නිළධාරීන් හා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් හැර වෙනත් කිසිවෙකුට මාර්ග වල ගමන් කිරීම, පොදු ස්ථාන වල රැදී සිටීම තහනම් බව පොලීසිය පවසයි.

 සියයකට ආසන්න පිරිසක් අත්අඩංගුවට
මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය තුළ කලහකාරී සහ නොසන්සුන්කාරී ලෙස හැසිරුණ සියයකට ආසන්න පිරිසක් පොලිසිය ඊයේ (07) අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අය අතර වැඩි දෙනෙක් සිටින්නේ මහනුවර වැසියන් නොවන පිටස්තර ප්‍රදේශවලින් පැමිණි අය
බව පොලිසිය කියයි.
මහනුවර නොසන්සුන් තත්වය ඊයේ (07) සවස 6.00 පමණ වන විට සියයට 80කින්  පාලනය කිරීමට පොලිසියට සහ හමුදාවට හැකි වූ බව ද පොලිසිය කියයි..

අඹතැන්න පිපුරුමෙන් එක් අයෙක් මරුට
අඹතැන්න ප්‍රදේශයේ පෙරේදා (06) රාත්‍රියේ ඇති වුණු යම් සිදුවීමකින් පිපුරුමක් වී ඇති අතර එහි දී එක් අයෙක් මියගොස් තිබුණි. ඔහු සමග සිටි 08 දෙනකු තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇත.
මහනුවර තත්වය ඊයේ (07) නැවතත් උණුසුම් වූයේ එම පිපිරුමත් සමග බව පොලිසිය සඳහන් කරයි. ඊට ප්‍රකෝප වු පිරිස් වෙළෙඳසැල් වලට සහ නිවාසවලට හානි කරමින් කලහකාරී ලෙස හැසිරුණු බැවින් ඔවුන් පාලනය කිරීමට පොලීසියට වෙඩි තැබීමට පවා සිදු වී ඇත. එහි දී දෙදෙනකුට වෙඩි වැදී ඇති බව නිල නොලත් තොරතුරු අනාවරණය කළේය.

පිපුරුමෙන් මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු අද (08) සිදුකිරීමට නියමිත බැවින් මහනුවර ආරක්ෂව තවදුරටත් තර කිරීමට සිදුව තිබෙන බව වාර්තාවේ..

වැලිමඩටත් පොලිසිය
ඊයේ (07) සවස සිට වැලිමඩ නගරයට

විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙයි.
පොලිසියට අමතරව හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා ඇති බවයි වාර්තා වෙන්නේ.
නගරය පුරා පොලිස් මුර සංචාර සිදුවන බවද වැඩිදුරටත් සඳහන්.

මහින්ද රජයට සහය දෙන්න කැමතිලු

රට තුළ පවතින අර්බුදකාරී තත්වය පාලනය කිරීම සඳහා රජයට සහය දැක්වීමට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔහු පෙන්වාදෙන්නේ රටතුළ සාමය ඇති කිරීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කලයුතු බවයි‍ෙ
ඊයේ (07) පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.


පැය 24 පැමිණිලි අංකයක්
රට තුල උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක සේවා මධ්‍යස්ථානයක් පිහිටුවීමට රජය පියවර ගෙන තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ මෙම සේවා මධ්‍යස්ථානය පිහිටුවා ඇත.
කඩාකප්පල්කාරී ක්‍රියාවන්හි නිරතවන හා සැළසුම් කරන පුද්ගලයින් හෝ පුද්ගල කණ්ඩායම් පිළිබඳව තොරතුරු ලබාගැනීමට හා ඒවා ක්ෂණිකව මැඩපැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා මෙම සේවා මධ්‍යස්ථානය පිහිටුවා තිබේ.
පැය 24 පුරා ක්‍රියාත්මක මෙම සේවා මධ්‍යස්ථානය 0711 261 261 අංකය ඔස්සේ ඇමතිය හැකි වන අතර helpdesk@dgi.gov.lk යන විද්‍යුත් තැපෑල ඔස්සේ ද  තොරතුරු ලබා දිය හැකි බව රජයේ ප්‍රවෘත්තී දෙපාර්තමේන්තුව පවසයි.

පාසල් සියල්ල වහලා - දින නියමයක් තවම නෑ
මහනුර දිස්ත්‍රික්කයේ සියලු පාසල් දින නියමයක් නොමැතිව වසා දැමීමට ද අධ්‍යාපන අමාත්‍යංශය ඊයේ පියවර ගත් අතර නැවත විවෘත කරන දිනයක් තවම සදහන් නොවේ.