ආන්දෝලනයට තුඩුදුන් බැඳුම්කර සිද්ධිය හෝ එල්ලවන අනෙකුත් චෝදනා එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද අඩුවීම සඳහා කිසිදු බලපෑමක් නොකළ බව කොළඹ පුරපති අපේක්ෂිකා රෝසි ස්නානායක මහත්මිය දන්වා තිබේ.
එවැනි චෝදනා ඡන්ද පදනමට බලපාන්නේ නම් කොළඹ දිස්ත්‍රික්කය ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කරන ඒ මහත්මිය එවැනි චෝදනා ඡන්ද පදනමට බලපාන්නේ නම් අති විශාල වංචා දූෂණ ප්‍රමාණයකට වගකිවයුතු මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම

මෙලෙස ජයග්‍රහණය කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියි.
පොහොටුවේ ප්‍රධාන සාමාජිකයන් අමු අමුවේ රටම හොරා කෑ බව ප්‍රසිද්ධ කරුණක් බැවින් චෝදනාවක් පමණක් වන බැඳුම්කර සිද්ධිය එක්සත් ජාතික පක්ෂයට කිසිසේන්ම බලපෑමක් එල්ල නොකරන බව රෝසි සේනානායක මහත්මිය පවසයි.
කොළඹ මහ නගර සභාවේ කොට්ඨාස හැට හයෙන් හැටක්ම එක්සත් ජාතික පය ජයග්‍රහණය කළ අතර එය. අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ මැතිවරණ ව්‍යාපාරයේ සාර්ථකත්වයයි.
ඉතිහාසයේ ප්‍රථම වතාවට සියයට. විසිපහක කාන්තා නියෝජනයක් මෙවර මැතිවරණයේදී ඉදිරිපත් වීමත් ඒ තුළින් කාන්තාවක වශයෙන් කොළඹ ප්‍රථම කාතා පුරපතිනිය වශයෙන් තේරී පත්වීමට ලැබීම තමා පමණක් නොව ලාංකික කාන්තාව ලද ප්‍රමුඛ ජයග්‍රහයක් බව රෝසි සේනාංනායක මහත්මිය ප්‍රකාශ කළාය.
කොළඹ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ බල පරාක්‍රමය බිදීමට කිසිසේත්ම
නොහැකි බව මෙවර මැතිවරණයේදි සාක්ෂාත් වූ බව පවසන ඒ මහත්මිය ඉදියේදී බලගතු කොළඹක් නිර්මාණය කිරීමට තමා කැපවන බව අවධාරණය කළාය.