පොල් සම්බෝලයි බතුයි කාලා ඉමු පැටියෝ
කියල දැන් කියන්න බැහැ

 - රෝහිත රාජපක්ෂ


අතීතයේ දී පොල් සම්බෝලයක් සමග බත් කමු යැයි පෙම්වතියට පවසා කැඳවාගෙන යෑමට පෙම්වතාට හැකියාව පැවති නමුත් දැන් කුස්සියේ තිබෙන්නේ පොල් බෑයක් පමණක් නිසා එවැනි දෙයක් පැවසීමටත් නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බාල පුත් රෝහිත
රාජක්ෂ සඳහන් කර තිබේ.
 ශ්‍රී ලංකා පොදුජනෙ පෙරමුණේ

මැතිවරණ ප්‍රචාරක රැලියකට මල්වරට කතාවක් කරන්නට එක්වෙමින් ඔහු මෙසේ කියා තිබුණි.
"මම මේ ප්‍රථම වතාවට තමයි දේශපාලන වේදිකාවට නැග්ගේ. හැබැයි දේශපාලනය කරන්න බලාගෙන නෙවෙයි, මට රටට වෙන දේ බලාගෙන ඉන්න බෑ. ළගදී මම ටී.වි. එකේ දැක්කා, ස්ත්‍රී පක්ෂයට මත්පැන් විකිණීමට හා මිලදී ගැනීමට අවස්ථාව ලබා දීලා තියෙනවා කියලා.
හාරත ආසියා කලින් ගහලා බලනවා. හරිගියේ නැහැ. ජනතාව ඔක්කොම වියරු වැටිලා කෑගහන්න ගත්තා. ආසියා හිමීට ගත්තා. නෑ මං වෙන කාඩ් එකත් ගහන්නෙ. දැන් මේක වැරදියි කියලා කෑගහනවා.
ඉස්සර කුස්සියට යද්දී හොඳට හාල් තියෙනවා. පොල් තියෙනවා, හැබැයි දැන් ගියහම පොල් බෑයයි තියෙන්නේ. ආදරය කරද්දී ගෑනු ළමයට කියන්නේ පොල් සම්බෝලයි බතුයි කාලා ඉමු පැටියෝ කියලා, දැන් ඉතින් එහෙමවත් කියන්න බැහැ. දැන් ගොඩක් කට්ටිය කිය කිය යනවා මේ පොඩි ඡන්දයක්, මේ වැඩක් නැහැ කියලා. පෙරහරක් යකාට කසපාර ලාවට ලාවට ඇහෙද්දී පෙරහරේ ගැම්මක් නැනේ. කසපහර හයියෙන් හයියෙන් වදින්න තමයි පෙරහරේ ගැම්ම එන්නේ.
අපි දහවැනිදාට ගහන ඡන්දය පුළුවන් තරම් හයියෙන් ගන්න ඕනේ. ."