නායකත්ව පුහුණුවේදී 
කඹය කඩන් වැටී
විදුහල්පතිනිය මියයාම

වගකීම භාරගන්න කිසිවෙකු නෑ


හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය ලෙය වසර පහකට ආසන්න කාලයක් සේවය කරමින් සිටි 53 හැවිරිදි රෝහිනී කුමාරි අතපත්තු මහත්මිය කුරුණෑගල වාරියපොළ වයඹ පුහුණු මධ්‍යස්ථානයේ පැවැති විදුහල්පති නායකත්ව පුහුණුවට සහභාගී වී සිටියදී කඹයක ආධාරයෙන් බිමට බැසීමේදී කඹයේ ලණුව කඩා වැටීමෙන් ඇය බිමට ඇදවැටීම නිසා සිදු වූ තුචාල හේතුවෙන් කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඉන් පසු කොළඹ ජාතික රෝහලට මාරුකිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
දියණියන් 4 දෙනෙකුගේ මව වන ඇය ඇගේ සැමියා සමග එක්ව හම්බන්තොට මයුරපුර නව නිවසක් තනා ලබන මස 1 වනදා එහි පදිංචිවන්නට යාමට සූදානමින් සිටියදී මෙම අනතුරට ලක්විය.
 මෙම විදුහල්පතිනිය මිට පෙර
රන්ටැඹේ සහ කුඩා ඔය

පුහුණු මධ්‍යස්ථානවල පුහුණු වීම් සඳහා සහභාගි වී  ඇති අතර ඒවායේදී හොඳින් පුහුණුව ලබා තිබුණි. මෙම අනතුරට දිරාගිය ලණු යෙදූ දුර්වල සංවිධානය හේතුව තිබෙන අතර ප්‍රධාන වශයෙන් අදාළ බලධාරීන් වගකිව යුතුව තිබේ.
සිද්ධිය වූ දවසේ ඇය කඹයක ආධාරයෙන් කිසියම් ක්‍රියාකාරකමක නිරතවී තිබෙන අතර පසුව කඹයේ එල්ලී පහතට බැස ඇත. එසේ බසින අවස්ථාවේ කඹය කැඩී ඇය ඇද වැටී ඇති අතර බරපතල තුවාල ලබා තිබේ.
කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඉන් පසු කොළඹ ජාතික රෝහලට මාරුකිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
 වයඹ පුහුණු ආයතනයේ අධ්‍යක්ෂිකා ඩිලානි ගුණසිංහ මහත්මිය මෙසේ කීයා ඇත.
සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය පුහුණුවීම් අතරතුර සවස 4.00ට පමණ තමයි අනතුරට ලක්වෙලා තියෙන්නේ. ඒ සමඟම ඇය රෝහලට ඇතුළත් කළා. රෝහලේ ප්‍රතිකාර ලබද්දී රාත්‍රී 11.00ට පමණ ඇය මියගොස් තිබෙනවා.
මේ සම්බන්ධයෙන් දැනට වාරියපොළ පොලිසිය පරික්ණයක් සිදුකරනවා. මගෙනුත් කටඋත්තර ගත්තා.
මෙම ආයතනයෙන් අපි කරන්නේ පුහුණුවීම්වලට එන අයට භූමිය, නවාතැන් සහ ඉඳලා හිටියොත් කෑම බීම දීම පමණයි‘
මෙම අනතුර සම්බන්ධයෙන් පුහුණුව සංවිධානය කළ ශ්‍රී ලංකා බැහැරගත ක්‍රියාශීලී පුහුණු භාරකාරය වෙනුවෙන් එහි විධායක අධ්‍යක්ෂ චරිත රත්වත්තේ නිවේදනයකින් කියා සිටින්නේ එම සිදුවීම සම්බන්ධයෙන් එම ආයතනයේ කිසිදු සම්බන්ධයක් නැති බවයි.
ඒ අනුව මෙම සිදුවීමේ වගකීම දරන්නට කිසිවෙකු මේ වනතුරු ඉදිරිපත්ව නැත.

සමස්ත විදුහල්පති ක්ෂේත්‍රයටම දක්ෂ විදුහල්පතිනියක අහිමි වී තිබෙන බව ඇය සම්බන්ධයෙන් අදහස් පළ කරන කලාප අධ්‍යාපන බලධාරීන් පවසා තිබුණි.
විදුහල්පතිනියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ 19 පවුලේ සුසාන භූමියේදී සිදුවිය.