ශ්‍රීලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වේ
රනිල් යන්නේ විශ්වාස භංගනම් පමණයි
ඒකාබද්ධේ නව ආණ්ඩු උනන්දුව
සහ තැන තැන දේශපාලන කතා
Inside Report

පසුගිය වසර අවසානය දක්වා ගිවිසුම්ගතව තිබුණ එජාප-ශ්‍රීලනිප හවුල් රජයෙන් නිල වශයෙන් ශ්‍රිලනිපය ඉවත්වූ බව ඊයේ 18 රාත්‍රී සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර ලිඛිතව දන්වා තිබේ.ඔහු ඒ බව සඳහන් ලිපිය ජනපතිවරයා වෙත භාරදී තිබේ.
ඔවුන්ගේ අදහස වන්නේ පුංචි ඡන්ද පරාජයට හේතුව වත්මන් එජාප රජයේ
දුර්වල පාලනය හා දූෂණ බවත් තවදුරටත් අගමැති රනිල්

යටතේ සිටීමට පුළුවන් කමක් නැති බවත්ය. ඒ අනුව ශ්‍රීලනිප කණ්ඩායම ඉදිරියේදී පාර්ලිමේන්තුවේ වෙනම අසුන් ගැනීමට හෝ විපක්ෂයට එක්වීමට ඉඩ ඇත.
කෙසේ වෙතත් පුද්ගලික තීරණ මත ඇතැම් මන්ත්‍රීවරුන් එජාපයට සහය දැක්වීමටද ඉඩ ඇත.

අගමැති ධූරයෙන් තමා ඉවත්වන්නේ විශ්වාසභංගයෙන් පමණයි- රනිල්

පසුගිය සිකුරාදා ජාතික මට්ටමින් පැවති මාධ්‍ය හමුවේදී අගමැති රනිල් මැතිවරණ පරාජය ගැන සැලකිලිමත්වන බව දන්වා සිටි අතරම අගමැති ධූරයෙන් ඉවත් නොවන බවත් වැරදි හදාගෙන ඉදිරි වසර කිහිපය පාලනය කරන බවත් දන්වා සිටි අතර ඊයේ 18 ජනපති සමග ඔහු කළ සාකච්ඡාවේදී දන්වා ඇත්තේ තමන්ගේ තනතුර ගැන ගැටලුවක් එජාපයේ කිසිවෙකුට නැති බවත් පාර්ලිමේන්තුවේ අනෙක් පක්ෂ වලට එවන් අදහසක් තිබේ නම් විශ්වාස භංගයකින් තමා ඉවත් කිරීමට දන්වන ලෙසත්ය.

ඒකාබද්ධය ශ්‍රීලනිපයට හවුල්

මේ අතර පාර්ලිමේන්තුවේ ශ්‍රිලනිප කණ්ඩායම තම පැවැත්ම තහවරු කරනු පිණිස නිමල් සිරිපාල අගමැති කර නව ආණ්ඩුවක් පිහිටුවීමේ ප්‍රයත්නය තවම අවසන් කර නැති අතර ඒකාබද්ධ විපක්ෂයට අයත් ශ්‍රීලනිප පිරිසද මේ සම්බන්ධව උනන්දුවෙන් ක්‍රියා කරමින් සිටී. ඒකාබද්ධ කණ්ඩායම පවසන්නේ එවන් රජයක් යටතේ කිසිදු තනතුරක් භාරනොගෙන ඊළඟ ඡන්දය එනතුරු ශ්‍රීලනිප රජයකට සහාය දෙන බවයි.

මේ අතර අද 19

උදෑසන මේ සම්බන්ධව වැඩිදුර කථාබස් කිරීමට පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවේදී මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමක්ද පැවැත්වේ.
අද පාර්ලිමේන්තුවේ හැසිරිය යුතු ආකාරයද එහිදී කථාබස් කරනු ඇත. අද පාර්ලිමේන්තු රැස්වීම උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයිද ඇතැම් මන්ත්‍රීවරුන්ගේ පැනිලි සිදුවනු ඇතැයිද මේ අතර වාර්තාවේ.

රට අස්ථාවරයි ඉක්මන් පියවර ගන්න - කරු ජනපතිට කියලා
මේ අතර පවත්නා දේශපාලන අස්ථාවරය හමුවේ රුපියල බාල්දුවීමත් ජනතාවට සැනසිල්ලක් ඇතිව රජයේ කාර්යාලවල වැඩ කිරීමට අපහසුතාවයක් ඇතිවීමත් ගැන කථානායක කරු ජනපති මෛත්‍රී වෙත දැනුවත් කිරීම් සිදු කර ඇත.
මෙම අස්ථාවර තත්වය දිගටම පැවතීම සුදුසු නැතියෙන් ඉක්මන් පියවරක් ගන්නා ලෙසද දැනුම් දී ඇත.