දියතලාව බස් එකේ පිපිරී ඇත්තේ
බෑගයක් තුළ අත්බෝම්බයක්

යුද හා ගුවන් හමුදා නිලධෘරින් 12 දෙනෙකු ඇතුළු 19 දෙනෙකුට තුවාල සිදුකරමින් අද අලුයම් කාලයේ දියතලාවේ බස් රථයක් තුළ ඇතිවූ පිපිරීම හා ගින්න එම බසයේ ගමන් කළ අයෙකුගේ බෑගයක තිබුණ අත්බෝම්බයක් පිපිරීමෙන් සිදුව ඇතැයි මූලික පරීක්ෂණ වලදී අනාවරණයවී තිබේ.
දියතලාව - කහගොල්ල ප්‍රදේශයේදී බස් රථය තුළ ඇතිවූ පිපිරුමෙන් බස් රථයද ගිනිගත් අතර අවට සිටි අයට තුවාල සිදුවිය.
දියතලාව කඳවුරේ සෙබළෙකු
තමන්ගේ පුද්ගලික පරිහරණය පිණිස බෑග් එකක දමාගෙන අත්බෝම්බය ගෙනයන්නට ඇති බවට සැක කෙරෙන අතර වැරදීමකින් පුපුරා යන්නට ඇතැයිද සැක කෙරේ.
කෙසේ වෙතත්, එය නිශ්චිතව සනාථ කළ හැක්කේ රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව ලැබීමෙන් පසුව
බව පොලිසිය දන්වා සිටී.

ඊයේ රාත්‍රියේ යාපනයෙන් පිටත් වූ බස් රථයඅද අළුයම බණ්ඩාරවෙල නගරයට පැමිණ නැවත අද අලුයම පිටත්ව යද්දී  5 යි 45 ට පමණ දියතලාව - කහගොල්ල ප්‍රදේශයේදී  බස් රථය තුළ මෙම සිදුවීම හටගන්නා ලදි.
බස් රථය දියතලාව - කහගොල්ල ප්‍රදේශය පසුකරනවාත් සමඟම එහි පිපිරීයාමක් සිදුවී ගිනිගෙන ඇත.
පිපිරීමත් සමඟ ඇති වූ ගින්නෙන් පුද්ගලයන් 19 දෙනෙකු තුවාල ලැබූ අතර යුද හමුදා සාමජිකයන් 7
දෙනෙකු, ගුවන් හමුදා සාමාජිකයන් 5 දෙනෙකු සහ සිවිල් වැසියන් 7 දෙනෙකු ඒ අතර වනවා.
තුවාල ලද යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල වන අතර එක් අයෙකුට ශල්‍යකර්මයක්
සිදුකර පාදයෙන් කොටසක් ඉවත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
තුවාල ලත් අයෙකු පවසා ඇත්තේ තමන් අසළ තිබෙන බෑගය එක්වර පිපිරී ගිනිගන්නා අයුරු දුටු බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාව සහ පොලීසිය එක්ව මේ වනවිට විශේෂ පරීක්ෂණයක් අරඹා ඇත.

සම්බන්ධිත ලිපිය
හමුදා නිලධාරීන් පිරිසක් සිටි මගී බස් රථයේ දියතලාවේදී පිපිරීමක් 19 ක් රෝහලේ