තුන්කොන් තරගාවලියේ දෙවැනි තරගයත් බංග්ලාදේශ්‍ය හමුවේ ඊයේ පරාජයට ලක්වීමෙන් අනතුරුව තුන්
ඉරියවු ක්‍රීඩක තිසර පෙරේරා

පවසන්නේ පුහුණුකරු යනු ආශ්චර්යය් සිදු කළ හැකි අයෙකු නොවන බවයි.

2017 වසරේ තරග 29න් 23ක් පරාජය වී පැමිණ මේ වසරේ පළමු තරග දෙකත් පරාජය වූ පසු ශ්‍රී ලංකාව නැවතත් තරගකාරී මට්ටමට පැමි‍ණි කණ්ඩායමක් වීමට යම් කලක් ගත වනු ඇති බව සිතිය හැකියි.

මේ සම්බන්ධයෙන් තිසර වැඩිදුරයටත් පවසන්නේ හතුරුසිංහ වැනි ලොව විශිෂ්ඨතම පුහුණුකරුවෙකු සතුවීම සැමවිටම සුබවාදී තත්ත්වයක් බවත්, තත්ත්වය එසේ වුවත් පුහුණුකරුට කාලය අවශ්‍ය බවයි. කිසිවකුට ආශ්චර්යය් කළ නොහැකියි. කණ්ඩායම මෙම නව පුහුණුකරු සමගින් එක්ව ඉදිරියට ආ යුතු බවයි.