වෛද්‍ය නිලවරණයේදී 
ඩොකාලා ගහගෙන කලිසම් ඉරාගෙන


ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නිලධාරීන් පත්කරගැනීමේ නිලවරණය අතර ඊයේ සවස වෛද්‍යවරුන් අතර ඇතිවූ බහින්බස්වීමකින් පසු ගුටිබැට හුවමාරුවක් සිදුව ඇත.
මෙම ගුටි බැට හුවමාරුව සිදුවූයේ වෛද්‍ය සභාවට තරග කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් කිහිප දෙනෙකු සහ ප්‍රතිවාදි වෛද්‍ය කණ්ඩායමක් අතරය.
දෙපිරිස එකිනෙකට චෝදනා එල්ලකර
ගනිමින් හා පරුෂ වචන කියමින් එම ගුටිබැට හුවමාරුව සිදුකර ගත් අතර තවත් වෛද්‍යවරුන් පිරිසක් ආරවුල බේරීමට උත්සාහ දරනු දැනන්නට ලැබිණ.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට සාමාජිකයන් තෝරා ගැනීමේ

නිලවරණය පැවැත්වෙන හෙයින් වෛද්‍ය සභාව අවට පෙරේද? (23) සිටම දැඩි පොලිස් ආරක්ෂාවක් යොඳවා තිබුණු අතර වෛද්‍යවරුන් දෙපිරිස ගුටි බිඳට හුවමාරු කර ගත්තේ පොලිස් නිලධාරීන් ද එහි සිටියදීය.
ගුටි හුවමාරුව හා ආරවුල පැය භාගයක පමණ කාලයක් තිබූ අතර වෛද්‍යවරුන් කිහිප දෙනෙකු ඉන් තුවාල ලබා තිබිණි. මෙම ගැටුමේ දී එක් වෛද්‍යවරයෙකුගේ ඇසකට තුවාල සිදුව තිබූ අතර ඔහු ඊයේ පස්වරුවේ කොළඹ ඇස් රෝහලට ඇතුළත් කර තිබිණ. තවත් ෙෙවද්‍යවරයකු ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබිණ.
මේ ගැන අදහස් දක්වමින් වෛද්‍ය පාදෙනිය කිය සිටියේ ඡන්දය අතරතුර නිරීක්ෂණයට එක්වූ වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දුට වෛද්‍ය තුසිත කහදූව පහරදුන් බවයි.
ඔහු ඇමති රාජිතගේ සහයකයෙකු යයිද ඔහු චෝදනා කරයි.