ශ්‍රී ලාංකිකයෙකු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු
මැතිවරණයෙන් ජයගෙන එරට පාර්ලිමේන්තුවට තේරීපත්වීම මින් වසරකට පෙර  ලෝකයේ පුළුල් අවධානයට ලක්විය.   එලෙස බ්‍රිතාන්‍ය ව්‍යස්ථාදායකය නියෝජනය කිරීමේ භාග්‍ය ලද රනිල් ජයවර්ධන මන්ත්‍රිවරයා පසුගිය දා(2018.01.04) ශ්‍රී ලංකාවට පැමිනි අවස්ථාවේදී පාර්ලිමේන්තුවට පැමිණ කරු ජයසුරිය මහතා හමුවිය.


රනිල් ජයවර්ධන මහතා  ඉතා සුහදව පිළිගනිමින්  දිවා භෝජන සංග්‍රාහයක්ද පිරිනැමු කථානායකවරයා ඔහුගේ සාර්ථක දේශපාලන ගමන පිළිබඳව සුභාශිංසනය පල කලේය. මෙම  අවස්ථාවට රනිල් ජයවර්ධන මහතා  සමඟ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වනHon. Dan Carden ,Hon.Hichelle Donelan,Hon.Chris Green, Hon.Kelly Tolhurst, Ms. Clemency Huggis යන මහත්වරුද එක්ව සිටියහ.