අද  1 සිට පොලිතින් තහනම අකුරටම
කෑම මිලත් වැඩි වෙනවලු

පසුගිය 2017 වසරේ පනවන්නට යෙදුණ ලන්ච් ෂීට් ඇතුළු ඝනත්වයෙන් වැඩි පොලිතීන් භාවිතය හා ඒ ආශ්‍රිතව භාණ්ඩ නිපදවීම
නිල වශයෙන් මුළුමණින්ම තහනම් කිරීම අද (1) සිට බලපවත්වන බව මධ්‍යම පරිසර අධිකාරිය දන්වා සිටී.
සැප්තැම්බර් මස 01 වනදා සිට මෙම තහනම මුල් අදියර ලෙස පනවා තිබුණද
අද දක්වා සහන

කාලයක් ලබාදී එඑය සකස් කරගැනීමට වේලාව ලබාදී තිබුනි.
අද සිට වෙළෙඳාමේදී මෙන්ම කිසිදු උත්සවයකට සැරසිලි කටයුතුවලදී පොලිතින් භාවිතය තහනම්ය.
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි කියා සිටියේ අද  (01) සිට පොලිතින් අලෙවිකරන තොග වෙළඳුන් සොයා වැටලීම් ක්‍රියාත්මක කරන බවයි.
කෙසේ වෙතත් පොලිතින් නිෂ්පාදකයන්ට රජය ලබාදීමට පොරොන්දු වූ සහන කිසිවක් මෙතෙක් ලබාදී නොමැති
බවට සමස්ත ලංකා පොලිතින් නිෂ්පාදකයින්ගේ හා ප්‍රතිචක්‍රීකරණය කරන්නන්ගේ සංගමය චෝදනා කර තිබේ.සමස්ත ලංකා ආපනශාලා හිමි සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් කියා සිටියේ මෙම තත්ත්වය මත ඉදිරියේදී ආහාර මිල වැඩි කිරීමට සිදු වන බවයි.