කොහෙවත් ඉන්න මනුස්සයෙක්
මගේ පුතාගෙ ගිණුමට සල්ලි දාලා
- ගයාන්

පසුගිය කාලයේ චතුරිකා ගයාන් රොෂාන් සම්බන්ධ හුටපට ප්‍රචලිත වීමෙන් පසු මෑත කාලයේ රොෂාන් රිද්මා ගැන ආන්දෝලනයක් ඇති විය. මෙම ආන්දෝලනය අතරතුර රොෂාන්ගේ අලුත් නැන්දම්මා රොෂාන් ගැන ගුණ වයමින් කියා තිබුනේ ඔහු ගයාන් නිසා අසරණවූ දරුවෙකුට පවා මුදලින් උදව් කරපු සත්ගුණවත් නළුවෙකු බවයි. මෙම කතාවෙන් කිසියම් සිත් වේදනාවකට පත් ගයාන් පසුගියදා පුවත්පතකින් ඊට පිලිතුරු සපයමින් විමසන්නේ කොහෙවත් ඉන්න මනුස්සයෙකුට
මගේ පුතාගෙ ගිණුමට මුදල් යොමු කිරීමට ඇති අයිතිය කවරක්ද යන්නයි. එසේම තමන් ගැන විවිධ ප්‍රචාරයන් දියත් කළ රොෂාන් මේ වනවිට ඒවායේ අමිහිරි ප්‍රතිඵලවල කොටස් කරුවෙකු වී ඇති අයුරුද ගයාන් හෙළි කරයි.
මේ ආරවුල් සටහන්ව තිබුනේ පහත පරිදිය.

ගයානුයි, චතුරිකයි අලුත් නිවහනක පදිංචි වුණා කියලා ආරංචියි..?
ඔව්. අවුරුදු ගාණක් තිස්සෙ එකතු වෙලා හදපු නිවහනට අපි ගිය මාසෙ පදිංචියට ගියා. ගේ හැදුවෙ
තලවතුගොඩ. ගෙදර තව පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා. අපි ඒ වැඩවලටත් මේ දවස්වල ටිකක් කාර්යබහුලයි.

කාලෙන් කාලෙට චතුරිකාගෙයි, ගයාන්ගෙයි නම මොකක් හෝ සිද්ධියක් එක්ක එළියට එනවා.. මේ
දවස්වලත් ඔය දෙන්නාගේ නම එළියට ඇවිත්..?
ඔය අහපු දේ මම දන්නෙ නෑ හවස වෙනකං. මම ඔය පිළිබඳව විමසිලිමත් වුණේ නැහැ. අපිට තියෙන
වැඩ කටයුතු එක්ක ඔය වගේ චීත්ත ප්‍රශ්න පස්සෙ පන්නන්න විදිහක් නෑ. නමුත් ඔය කියන දේවල් මම
දැක්කා. එතකොට ඇත්තටම මට මතක් වුණේ බුදු බණ. වැපිරුවොත් දෙයක් ඒ තරමට තමයි නෙළා ගන්න
වෙන්නෙ. ඇත්තටම තිබ්බ ප්‍රශ්නවලින් අපි නිදහස් වෙලා ඉන්නෙ. අපිට ප්‍රශ්න ඇති කරපු මිනිස්සු

ප්‍රශ්නවල පැටලිලා ඒවත් එක්ක ඉන්නෙ.

ඒ පාර්ශ්වය සමාජ මාධ්‍යවලට ප්‍රකාශ කරලා තිබුණා ගයාන් බාල දරුවාට සලකන්නෙ නැති නිසා
ඔවුන් උදව් කළා කියලා..?
ඒවා දෙකයි පනහේ කතා. එල්ලෙන්න පැත්තක් නැති වුණාම සමහරු ඔය වගේ දෙකයි පනහේ කතා
කියනවා. ඔය වගේ ප්‍රකාශ නිකුත් කරන මනුස්සයෝ ගැන අපේ රටේ ප්‍රේක්ෂකයන්ට හොඳ දේවල් ටිකක්
දැක බලන්න පුළුවන් තව අවුරුදු තුන හතරක් යද්දි. මගේ දරුවාට සැලකුවා කියලා කියන පුද්ගලයගේ රෙදි
ගැලවෙයි. ඒ රෙදි ගැලවෙද්දි දැන් ළඟට වෙලා ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඒ අයත් ඈත් වෙයි. නරියට
තීන්ත බාල්දිය හැලුණු කාලේ විතරයි රජා විදිහට සලකන්නෙ. ටික ටික තීන්ත හේදිලා යද්දි සැබෑ
තත්ත්වයට එනවා. මම මේ හැම දෙයක්ම කාලයට භාරදීලා ඉන්නවා.

මේ පුද්ගලයා ඇත්තටම එහෙම මුදල් බැංකු ගිණුම්වලට යොදවලා තියෙනවද..?
මට මගේ පුතාලා දෙන්නට උපරිමයෙන් සලකන්න පුළුවන්. චතුරිකා එයාට කරන්න පුළුවන් උපරිම තත්ත්වයෙන්
පුතාලට සලකනවා. ඒ ඇරෙන්න අම්මෙකුටයි, තාත්තෙකුටයි නැති දරු කැක්කුමක් මේ කොහෙවත් ඉන්න
මනුස්සයෙකුට එන්න විදිහක් නෑනේ. එහෙම කැක්කුමක් එනවා නම් එන්නෙ වෙන මොකවත් නිසා නෙමෙයි
ආර්ථික වාසියක් නිසා. සල්ලි බැංකු ගිණුම්වලට දාලා කරන්න උත්සාහ කරලා තියෙන්නෙ මට මඩ ගහන
එක. දැන් ඔය ප්‍රශ්නවලට අවුරුදු 5 ක් විතර ගෙවිලා. ඇත්තටම අපිට මේ වගේ ඒවා එක්ක එල්ලෙන්න
වෙලාවක් නෑ. 2013 දාපු මොකක්ද දෙයක් ගැන තමයි ඒ පුද්ගලයා 2017 දිත් කියන්නෙ. මේක හරි
ලැජ්ජාවට කාරණාවක්. තව අවුරුදු දෙකක් විතර යද්දි ඔය දේවල් කියන පුද්ගලයා ලංකාවේ ජීවත් වෙන්න
ඕන. නැත්නම් මේ ලංකාව අතහැරලා ඒ පුද්ගලයාට යන්න සිද්ධ වෙනවා.

ඇයි ඒ..?
ඒ පුද්ගලයා ඔය පටලවාගෙන තිබෙන ප්‍රශ්න ටික ඒ අයම පටලවා ගත්ත ප්‍රශ්න. ගයාන්
වික්‍රමතිලකවත්, චතුරිකා පීරිස්වත් කාගෙන්වත් සල්ලි හිඟා කාලා නැහැ. රට ඉන්න ගෑණුන්ගෙන්වත්,
ලංකාවේ ගෑණුන්ගෙන්වත් අපි සල්ලි හිඟා කාලා නැහැ. දුක් මහන්සියෙන් හොයපු සල්ලිවලින් අපි කාලා
බීලා ජීවත් වනවා. හැබැයි කවුරු හරි කාට හරි රුපියලක් හරි දෙයක් වංචා කරලා තියෙනවා නම් කාට
හරි ගින්දරක් දිලා තියෙනවා නම් මේ ආත්මේ පඩිසන් දෙනවා.


ඔබ කියන්නෙ මේ පුද්ගලයාගේ පැටිකිරිය එළියට එයි කියලද..?
අනිවාර්යෙන්ම. මට 2012, 2013 ඉඳන් තවම මඩ ගහනවා. මම ඒ දේවල් වෙනුවෙන් වචනයක් කියන්න
ගියේ නැහැ. මුළු ලංකාවම හිතුවා ගයානුයි චතුරිකායි කියන්නෙ සෑහෙන වැරදි කරපු දෙන්නෙක් කියලා.
අපිට ෆේස්බුක් එකේ පොටෝ එකක් දාන්න බෑ පරුෂ වචනයෙන් බනිනවා. දරුවෝ අමතක කරලා ගිය මිනිහා
කියලා බනිනවා. හැබැයි මම සියල්ල කාලයට භාර දීලා මොකක්ද වෙන්නෙ කියලා බලන් හිටියා. ඒ
ඔක්කොම ප්ලෑන් කරපු අය දැන් එකිනෙකාට මඩ ගහ ගන්නවා.

පහුගිය කාලේ ගයාන්ටයි චතුරිකාටයි මඩ ගැහුවෙ ඒ පුද්ගලයා කියලද ඔය කියන්නෙ..?
මීඩියාවලට කතා කරලා සල්ලී දීලා, සමහර අයට ඩිනර් අරන් දීලා, ප්ලෑන් කරලා අපිට මඩ ගහලා
තිබ්බා. දැන් දිට්ඨධම්මවේදනීය කර්මය ඒ අයට පඩිසන් දෙනවා.

අවුරුදු ගාණක් ගිහිල්ලත් මේ විදිහට මඩ ගහද්දි චතුරිකා මොනවද කියන්නෙ..?
අපිට දැන් කාලයක් ඉඳන් මඩ ගැහුවානේ. අපි අපේ පාඩුවේ වැඩක් කරගෙන හිටියා. ඔය ඔක්කොම
අතරේ තමයි මමයි චතුරිකායි අහම්බෙන් යූ ටියුබ් එකේ තිබ්බ වීඩියෝව දැක්කෙ. ඒ දේවල් දකිද්දි අපි
දෙන්නටම හිනා ගියා. අපි ඇත්තටම ඔය දේවල් හොයන්න යන්නෙ නෑ. හැබැයි මුළු ලංකාවම, සමාජයම
ඉස්සරහා ඒගොල්ලො පැටිරිකිරිය හෙළිකරගෙන තියෙනවා.

ලොකු පුතා ගයාන් ගාවනේ ඉන්නෙ.. පොඩි පුතා ගැනත් හොයලා බලනවද..?
ඔව්. පොඩි පුතා ගැනත් හොයලා බලනවා. එයාලවත් පාසල්වලට දාල ඒ වැඩකටයුතු කරගෙන ගියා.
නමුත් පොඩි පුතාට උවමනාවක් තිබුණා එයාගේ අම්මා ළඟට යන්න. එයා ඉතා පැහැදිලිව කිව්වා එයාගේ
අම්මා ලඟට යන්න ඕන කියලා. ලොකු පුතා කිව්වා අප්පච්චි එක්ක ඉන්න ඕන කියලා. දැන් පොඩි පුතා
එයාගේ පාඩුවේ හොඳින් ඉන්නවා. ලොකු පුතා එයාගේ පාඩුවෙ ඉන්නවා. ඒ දෙන්නට කිසිම ප්‍රශ්නයක්
නැහැ. කොහෙවත් ඉන්න මිනිස්සුන්ට තමයි මේක ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ. මටයි දරුවන්ටයි ප්‍රශ්නයක්
නැත්නම් මේක වෙන අයට ප්‍රශ්නයක් වෙන්නෙ ඇයි..?