පිළිකාවක් හැදිල අම්මා මැරෙනකොට මට 6 යි
ආර්ථික ප්‍රශ්න හින්දා ඉගෙන ගත්තෙ නෑ
මං කෝච්චියේ වඩේ විකිණුවා

- චාමර සම්පත්

ඌව පලාතේ මහ ඇමති චාමර සම්පත් දසනායක තරුණ කාලයේ ඇල්ලේ චාමර නමින්  කවුරුත් හඳුන්වා තිබිණි. ඔහුගේ නිවෙස පිහිටා තිබුණේ දෙමෝදර බෝරුකට නුදුරින් වෙළෙඳසල් පෙළක් මැදය. එ් නිවෙස කඩකාමර දෙකක් වගෙ යයි මාධ්‍ය වාර්තා පළව තිබුණි. ‘‘මේක තමයි මගේ ගෙදර’’ චාමර එදා මාධ්‍යව්දියෙකුට පැවසුවේ ප්ලාස්ටික් පුටුවක් ඔහු හට පිළිගන්වා ඔහු ද ප්ලාස්ටික් පුටුවක වාඩි වෙනගමන්ය.
මහ ඇමති චාමර සම්පත් දසනායක 2015 සිය තනතුරට පත්වූ අවස්ථාවේ ඔහුගේ මුල
මතක් කරමින්

මාධ්‍යයට කියූ කතාවක් පහත පරිදිය.

“පිළිකාවක් හැදිල මගේ අම්මා මැරෙනකොට මගේ වයස අවුරුදු 6යි. ඊට පස්සේ මගේ පුංචි අම්මා දෙමෝදරට ගෙනැල්ලා මාව ඇති දැඩි කරලා තියෙනවා. පුංචි අම්මා දෙමෝදර වත්තේ තේදළු කඩලා මාත් ඇගේ දරුවෝ හතරදෙනාත් ලොකු මහත් කරන්න ලොකු යුද්ධයක් කළා. ආර්ථික ප‍්‍රශ්න නිසා අධ්‍යාපනය අතරමගදී නතර වුණ තැන කෝච්චියේ වඬේ විකුණලත් තියෙනවා”

මහ ඇමති තනතුරට පත්වූ පසු ඔහු තට්ටු 7 ක හෝටලක් තනන බවට එජාප මන්ත්‍රී චමින්ද විජේසිරිගෙන් චෝදනා එල්ල විය.
එම අවස්ථාවේ ඔහු මෙසේ කීවේය.
‘ඔව් මම හෝටලයක් ගහනව. තට්ටු හතක් නෙමෙයි තට්ටු දහයක්. හැබැයි බැංකුවලින් ණය අරගෙන.
ඔව්. මේක මගේ නෝනා කරන්නේ. එයා බදුල්ලේ රජයේ බැංකුවලින් ණය අරගෙන තියෙන හැටි හොයල බලන්න පුළුවන් ඕන කෙනෙකුට. ඔයා ගිහින් බදුල්ලේ බැංකුවකින් ඉල්ලන්න හෝටලයක් ගහනවා කියලා ලෝන් එකක්. පැනලා දෙන්නේ. ඒ තරම් උදව් කරනවා. අනික ඕක හදන්න ගත්තේ මම මහඇමැති වෙන්නත් අවුරුදු 07කට කළින්.
මම වඩේ වික්කා තමයි. හැබැයි  එයාගේ තාත්තා මාළු කපලා.
83 කලබලේදී හොයාගන්න බැරිවුණ අයට දැන් කොහෙන්ද හෝටල්. බදුල්ල නගරයේම තියෙනවා කෝටි ගාණක කඩයක්. ඒ නිසා මම එයාට කියනවා ඒ දේපළ හොයාගත්ත හැටි හෙළිකරන්න කියලා.‘