නීති සිසුවියගේ අඩ නිරුවත් ෆොටෝ
ලැප්ටොප් එකින් අරගෙන ලිංගික අල්ලස් ඉල්ලූ
තරුණයාට වැඩ වරදී


නීති සිසුවියකගේ ලැප්ටොප් පරිගණකයක තිබූ ඇගේ නිරුවත් ඡායාරූප සොරාගෙන ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කර ඇගෙන් ලිංගික අල්ලස් ලබාගැනීමට තැත් කළ බව කියන පුද්ගලයෙක් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොස්වත්ත අග්ගොන ප්‍ර දේශයේ කොමියුනිකේෂන් එකක් පවත්වාගෙන ගිය බව කියන සැකකරු නීති සිසුවියගේ ලැප්ටොප් පරිගණකය අලුත්වැඩියා කිරීම සඳහා භාරගෙන තිබී
ඇති අතර එහි අඩංගු දත්ත ඇයට හොරෙන් පිටපත් කරගෙන ඇත්තේ එම අවස්ථාවේය.
සිසුවිය තමන්ගේ පුද්ගලික උවමනාවට ලබාගෙන තිබුණ තමන්ගේම අඩ නිරුවත් ඡායාරූප කිහිපයක් එහි තිබුණ ඡායාරූප ෆොල්ඩර අතර රඳවා තිබී ඇති නමුත් ඒවා එහි තිබියදීම පිටස්තරයෙකුට පරිගණකය

ලබාදෙන්නට සිදුවේ යයි ඇය මුලින් කල්පණා කර නැත. පරිගණකය පණ නොගැන්වුණ නිසා එය සකස් කර දෙන්නට කොමියුනිකේෂන් එකට ගොස් තිබුණි.
සැකකරු  විවාහකයකු බව ද පොලිසිය කියයි.

සැකකරුට බාරදී ඇති අතර, එම පරිගණකයේ තිබූ ඇගේ අඩ නිරුවත් ඡායාරූප කිහිපයක් තමන්ගේ පරිගණකයකට පිටපත් කරගෙන තිබේ.පසුව මෙම සැකකරු වරින්වර එම තරුණියට දුරකතනයෙන් කතා කර ඇයව අනිසි යොජනා කර ඇති බව ද ඒවාට අකමැතිවෙමින් ඔහු හමුවීම ප්‍රතික්ෂේප කළ පසුව උරණ වූ සැකකරු තමා හමුවීමට නොපැමිණියහොත් පරිගණකයේ තිබූ ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කර ඇති බව ද වාර්තාවේ.

පසුව නීති සිසුවිය මේ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට කළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වා සැකකරු ඔහුගේ නිවෙස් දී අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරුගේ ලැප්ටොප් පරිගණකය පරීක්ෂා කිරීමේදී එහි තිබී තවත් කාන්තාවන්ගේ නිරුවත්
හා අඩ නිරුවත් ඡායාරූප රැසක් හමුවූ බව ද පොලිසිය කියයි. කාලයක් තිස්සේ මේ ආකාරයට කාන්තාවන්ට තර්ජනය කර ඔවුන්ගෙන් ලිංගික අල්ලස් ලබාගෙන ඇති බවට සැකකරන බවත්, ලැජ්ජාව නිසා කිසිවකු ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර නොමැති බවත් වාර්තා විය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.