නල්ලතන්නිය -ශ්‍රීපාද මාර්ගයේ “මකර තොරණ” ඉදිරිපිට පිහිටි වැසිකිළිය අසල වැටී තිබූ ශ්‍රීපාද වන්දනාවේ පැමිණි කානත්තාවකගේ රුපියල්  10260/-  (දහදාස් දෙසිය හැටක්) සමග මුදල් පසුම්බිය එම කාන්තාව වෙත භාර දීමේ උතුම් ක්‍රියාවක්  අද (26) පෙරවරුවේ නල්ලතන්නිය පොලිස්ථානයේදී  සිදු කෙරිණි.
ගාල්ලේ, වංචාවල ප්‍රදේශයේ

සිට ශ්‍රීපාද වන්දනාවේ නඬයක් සමග පැමිණි කාන්තාවක් නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ මකර තොරණ අසල වැසිකිළියට ගොස් එද්දී ඇගේ මුදල් පසුම්බිය මෙසේ වැටී ඇත. අඹගමුව ප්‍රාදේශීය සභාව යටතේ ඇති මෙම වැසිකිළිය ටෙන්ඩර් මගින් ලබා ගෙන එය පවත්වාගෙන යන නල්ලතන්නියේ පදිංචි ඩී.වී.මුදියන්සේ දෙකිඳ මහතා විසින් හිමිකරුවෙක් නොමැතිව වැටී තිබූ මෙම මුදල් පසුම්බිය අහුලා එහි තිබූ රුපියල් 10260/- ක මුදල් සමග නල්ලතන්නිය පොලීසිය කඩිනමින්  දැනුම්වත් කිරීමට පියවරගෙන ඇත්තේ මෙම පසුම්බියේ  අයිතිකරුගේ මුදල් හැර අනනන්‍යතාවය තහවුරු කිරීම සඳහා වෙනත් කිසිදු සාක්ෂියක් නොතිබූ නිසාය.
අනන්‍යතාවය තහවුරු කිරීමට නොහැකි මෙම මුදල් පසුම්බිය හිමි අයෙක් තම අනන්‍යතාවය සනාථ කර නල්ලතන්නිය පොලීසියට පැමිණ  ලබා ගන්නා ලෙස දන්වමින් නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ නල්ලතන්නිය පොලීසිය අසල සිට විකාශය කෙරෙණ  සමන්ගිර වන්දනා පූජෝපහාර  විකාශන සේවාව මගින් එහි ප්‍රධාන නිවේදක ප්‍රේමදාස පී ගමගේ මහතා විසින් වන්දනාකරුවන් දැනුම්වත් කරමින්  වරින් වර නිවේදනය කළේය.
නිවේදනය ප්‍රචාරය වීමත් සමග ගාල්ලේ වංචාවල සිට ශ්‍රීපාද වන්දනාවේ පැමිණි මුදල් පසුම්බියේ අයිතිකරු කාන්තාව අද පෙරවරු 07.30 ට පමණ නල්ලතන්නිය පොලීසියට පැමිණ, අස්ථානගතවු තම මුදල් පසුම්බිය පොලිස් නිලධාරීන්ගෙන් ලබාගෙන ඇත්තේ එය සුරක්ෂිතව සොයා දුන් නල්ලතන්නියේ මුදියන්සේ දෙකිඳ මහතාට හා පොලීසියට තම ස්තූතිය පුද කරමිණි. 


(මස්කෙළිය -ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)