පැරණි පෙම්වතියට 
රොෂාන්ගෙන් පිළිතුරු

තමන් සම්බන්ධ අභූත චෝදනා නගමින් අපහාස කරන පැරණි පෙම්වතියට එරෙහිව නීතියෙන් ක්‍රියාකරන බවත් ඇය කියූ දේවල් බොහොමයක් සත්‍යයෙන් තොර බවත් ටෙලි නාට්‍ය ශිල්පී රොෂාන් පිලපිටිය දන්වා සිටී.
අන්තර්ජාලය තුළට ඕඩියෝ හඬ පටයක්ද සහිතව තම හිටපු පෙම්වතා වන රොෂාන් දැන් වෙනත් අයෙකු හා විවාහ වීම ගැන අදහස් දක්වමින් සන්ඩේලීඩර් හිටපු
ජනමාධ්‍යවේදිනී සුනලි

රත්නායක දක්වා තිබෙන අදහස් ගැන රොෂාන් මෙසේ කියා සිටී.
‘මම විවාහ වෙනකල් ඉඳලා මට සහ මගේ බිරියට මඩ ගැසීමේ අරමුණින් තමයි මං රැවට්ටුවා කියල මේ කතාවක් පතුරල තියෙන්නෙ.මං කිසි කෙනෙකුට ඔය කියන විදිහට විවාහ පොරොන්දු දුන්නෙ නෑ.මං ඒ විදිහට සල්ලි උදුරගෙනත් නෑ. එහෙම දේවල් කරා නම් මඩ ගහන් නැතිව නීතිය හමුවට යන්න කියල මං ඉල්ලනවා.මං වැරදි දෙයක් කළා නං මේ වෙනකං නිහඩව හිටියෙ ඇයි. විවාහ වුනාම විතරක් මාධ්‍යයට ඔය විදිහට අදහස් දක්වන්නෙ ඇයි කියන එකයි ප්‍රශ්නේ.
මගේ බිරිය වෙනත් විවාහයක් කරගෙන කියලත් බොරු ගොතලා. එහෙම දෙයක් වුණත් මට ප්‍රශ්නයක් නැතිනම් එයාට මොකද.මං කාටවත් මඩ ගහන්න කැමති නෑ ඒ නිසා මේ ගැන ඔයිට වැඩිය කථාකරන්නෙ නෑ. මට වුණ අපහාසයට අවශ්‍ය දේ මගේ නීතීඥයින් ඉදිරියේදී කරාවි.
අපේ විවාහය චාම්ව ගත්තෙ.ඉදිරියේදී සුළු උත්සවයක් සමහරවිට තියන්න කල්පණා කරනවා. මං හොඳින් ඉන්නවා.මගේ රසිකයින් ඔය කියන මඩ විශ්වාස කරන එකක් නෑ‘