රොෂාන් පිලපිටිය විවාහ හුටපටය
රිද්මාගේ මව මාලීගෙන්
පිටරට සිට මඩ වලට උත්තර



පසුගියදා විවාහ දිවියට ඇතුළත්වූ ටෙලි නළු රොෂාන් පිලපිටිය හා නවක නිළි රිද්මා සම්බන්ධ පුවතට අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ මඩ ප්‍රචාර පළව තිබේ.
මේ සම්බන්ධයෙන් ටෙලි නළු රොෂාන් පිලපිටිය මාධ්‍ය වෙත දන්වා සිටියේ ඔහුට විරුද්ධව ඔහුගේ හිටපු පෙම්වතිය වූ සුනලි රත්නායක මෙම ප්‍රචාරයන් ගෙනගිය බවත් ඇයට එරෙහිව නීතිමය පියවර ගන්නට සූදානම් බවත්ය. රිද්මා සමග පෙර සම්බන්ධයක් පැවති බව කියන තිලින චතුරංග නමැති තරුණයෙකු
ගැනද මෙම විස්තර වල සඳහන් වෙයි.
මේ අතර විදේශගතව සිටින රිද්මාගේ මව මාලී දිසානායක තම දියණියට හා බෑණාවන රොෂාන්ට එල්ලවී තිබෙන චෝදනා සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් අප වෙත එවා තිබේ.
ඇය එහි මෙසේ සඳහන් කර තිබේ.


‘දිගින් දිගටම මගෙ දුවටත් මගෙ පුතා රොෂාන්ටත්,  තිලින චතුරංගත් සුනලී රත්නයක නමැති කන්තාවත් මඩ ප්‍රචර ගෙන යන බැවින් ඇත්ත තත්වය එලි කිරිමට කැමැත්තෙමි.
තඹුත්තේගම රාජාංගනයේ පදිංචි තිලින චතුරංග අපගෙ දුරින් නෑදෑයෙක් වන අතර දුව සමග මසකට අඩු කාලයක් සම්බන්ධයක් ගොඩනගාගෙන එම මස තුලම  අනුරධපුර කැරොකි සමාජ ශාලවක් තුල ඇති කරගත් ගටුමක් නිසා ඔහුගෙ නම පුවත් පත් වලද පළවුයෙන් අපි දැඩි ලෙස කම්පනයට පත් වී එම සම්බන්ධය නතර කොට ඔහුට ගෙදරටඒම පවා තහනම් කර තිබුණා.
රොෂාන් පුතා හ මගේ දුවගේ ප්‍රේම සම්බන්ධයට කලක පටන් දෙපර්ශවයෙම නෑදෑයන්ගේ ආශිර්වාදය තිබුණි.
මේ දෙදෙනගේ කැමැත්ත පරිදි ඉතා සරල  චාම් ලෙස විවාහ ගිවිස ගැනිමක් සිදුවිණි. එය දැනගත් මොහොතෙ සිට තිලින චතුරන්ගත් සුනලී යන කාන්තවත් ඉතා පරුෂ වචනයෙන් බීමත්ව මට දුරකතන ඇමතුම් කීපයක්ම ලබා දුන්නා.ඒ කත කරපු සියල්ලම මගෙ දුරකතනයෙ පටිගත වී සාක්ෂි වශයෙන් තිබෙනවා.
සුනලී නමති  කාන්තවගෙ මවට අසනීප වී සිටි කාලයේ මගෙ දුවද දැනුවත්ව රොෂාන් පුතා හා දුව දෙදෙනම බෑන්ක් එකට ගොස් මුදලින් ලක්ෂ 2 ක් ලබාදුන්නා.එම රිසිට් පත්ද මේ සමග එවමි.
එපමනක් නොව රොෂාන් පුතාගෙ පෙර විවාහයෙ බිරිද චතුරිකා පීරිස් හ දැනට කල් ගෙවන පුද්ගලයා වන ගයන් වික්‍රමතිලකගෙ බිරිදට මොවුන් දෙවෙනි පුතුට ගයන් චතුරික නොසලක බව සැලවීමෙන් පසු දෙවෙනි දරුවගෙ අධ්‍යාපන කටයුතු සඳහා ලක්ෂ එකහමාරක මුදලක්  උපකාර කළ බව මගෙ දියනියත් ඇතුලු අප පවුලම දන්නෙමු. එවැනි උතුම් මනුස්සකම් පිරුනු මනුස්සයෙක්ගෙ නම කැත කිරිමට මේ අය එකතු වී මඩ ප්‍රචාර ගෙන යන්නෙ.
එවැනි පසුබිමක සන්ඩේලීඩර් හි කලක් සේවය කළ ලසන්ත වික්‍රමතුංග ඝාතනයෙන් පසු මෙරටින් යාමට පවා සිදුවුන නිතරම පුවත් පත් වල පර්ලිමෙන්තුවෙද නම කියවුණ  සුනලී  නමැති කාන්තාව මේ චෝදනා කර තිබෙනවා. ඒවගෙම තිලින චතුරංග ව්‍යාපාරිකයෙක් නොවන අතර, ඔහුගෙ මව රෙදි මහන අතර පියා කුලි වැඩ කරමින් දිවි ගෙවන පවුලක දෙවෙනි දරුවායි. ඔහු මගෙ දුව අවුරුදු 3 විවාහ වී සිටියා වියදම් කරා කියල බොරු චෝදනා එල්ල කරයි. මම මවක් හටියට බය නැතුව කියනව ඒවා ඔප්පු කරන්න කියල .  අපි ගොඩක් කලක සිටන් ලංකාවෙ නෑ විදේශ රටක පදිංචිව සිටින්නෙ. අවසන් වශයෙන් ඉල්ලා සිටින්නෙ මෙවැනි චොදන එල්ල නොකරන ලෙසත්, බොරුවට මඩ ගහන්නෙ නැතිව වහාම නීතිය ඉදිරියට ගොස් චෝදනා ඇත්නම් ඉදිරිපත් කරන ලෙසයි.
මේ මගේ ප්‍රථම හා අවසන් ප්‍රකාශයයි'
-මාලී දිසානායක