දණහිසටත් පහළට වතුර තිබූ තැනට
එක්වරම ආ සැඩ පහර

පවුල් දෙකක 8 දෙනෙකුට මරු කැඳවයි


ලග්ගල තෙල්ගමුව ඔයේ දිය නෑමට ගිය පවුල් දෙකක 08 දෙනෙකු සැඩ පහරකට අසුවී ගසා ගෙන ගොස් මියයාමේ අවාසනාවන්ත අනතුරක් පෙරේදා සිදුවිය.
වැද්දාපැනි ඇල්ලෙන් ඉහළ ප්‍රදේශවලට වැසි වැටෙන විට සැඩ පහර වැඩිවන බව නොදැන දණහිසටත් පහළට වතුර තිබූ තැනක කුඩා දරුවන්ද සමග දියනාමින් සිටි පිරිසක් මෙම අනතුරට ලක්ව ඇත.

මිය ගොස් ඇති කිංස්ලි රත්නායක මහතා අයිස්ක්‍රීම්  ව්‍යාපාරිකයෙකි. ලග්ගල – තෙල්ගමුව ඔය ආසන්නයේ ඔහුගේ අවන්හලක් ඉදිකිරීම් මේ දිනවල සිදු වෙමින් පැවති අතර අසල්වැසියෙකු වන රවීන්ද්‍ර ලසන්ත යන අයගේ උපන් දිනය සැමරීම සදහා සාදයක් දමා දිය නාන්නට පවුල් දෙකක අය එක්වූ මොහොතක
මෙම අනතුර සිදුව ඇත.

මියගොස් ඇත්තේ සංචාරක හෝටල් හිමිකරුවකු වූ කිංස්ලි රත්නායක (40). චන්දිකා රත්නායක (11)  දිල්හාරා රත්නායක (4) නැන්දණිය වන  චන්දකාන්ති (50), අනික් පවුලේ සාමාජිකයන් රවින්ද්‍ර වසන්ත (33). ඔහුගේ බිරිය රමණී දිල්රුක්ෂි (37), ඔවුන්ගේ දියණියන් වනිෂා (12)  විදුෂයා (07) යන අට දෙනාය.
රුවනි දිල්රුක්ෂි මහත්මිය පාසල් ගුරුවරියකි.ඇය නාත්තන්ඩිය ජනාධිපති  විද්‍යාලයේ සේවය කරමින් සිට ඇත. දියණියන් දෙදෙනා වන  රිශාදි සහ දිමාෂි  නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ 07 සහ 03 වන වසර පන්ති වල ඉගෙණුම ලබමින් සිට ඇත.


මියගිය කිංස්ලි රත්නායක මහතා ලග්ගල ඇට්න්වල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ඉදිකරමින් සිටින නිසා නාත්තන්ඩිය ප්‍රදේශයේ මෙම මිතුරු පවුලේ කණ්ඩායමෙ සමඟ පසුගිය 3 වැනිදා උදෑසන ලග්ගල ඇටන්වල ප්‍රදේශයට පැමිණ ඇත.
 මියගිය කිංස්ලි රත්නායකගේ බිරිඳවන දුලීකා මාරසිංහ මහත්මිය සිද්ධිය විස්තර කළේ මෙසේය.

‘මේ ප්‍රදේශයේ අපේ මහත්තයා හෝටලයක් ඉදිකරමින් ඉන්නවා. මිට දින කීපයකට පෙර එයා ඇවිත් වැඩ කටයුතු බලාගෙන ගියා. අපේ මහත්තයගෙ යාළුවකුගේ උපන් දිනයක් තිබුණා. එයාලා කිව්වා ඒ පැත්තට ගිහින් විනෝද වෙමු කියලා. එයාලා පදිංචි වේලා ඉන්නේ අපේ පාරේමයි. අපි තුන්වැනිදා තමයි මෙහාට ආවේ. අපි නාන්ත එනකොට දණිස් ගාණටවත් වතුර තිබුණේ නෑ. මගේ චුටි දරුවා වතුරේ හිටියා. අනිත් අය ඊට එහායින් හිටියේ, එයාගේ සෙරප්පු දෙකත් වතුරව ගසාගෙන යනකොට එයා ඒක ගන්නත් උත්සාහ කළා. තවත් කට්ටියක් එතන
නාමින් හිටියා. මම එතන ඉඳලා තාත්තා ඉන්න තැනට ගියා තාත්තගෙ සෙරප්පු දෙක දෙන්න. මේ පොඩි දරුවා අල්ලාගෙන ඉන්න කියලා තමයි මම තාත්තා ළඟට ගියේ. තාත්තා කිව්වා වතුර පාර හයියෙන් කඩාගෙන එනවා කියලා. මම එතැනට ඉක්මනට ගියා. වතුර පාර හයියෙන් එනකොට  කට්ටිය එක් එක්ෂකනා අල්ලගෙන රොද වගේ හිටියා. මම හයියෙන් කැ ගැහුවා.


ගොඩට එන්න. ගොඩට එන්න කියලා. ඒත් ඒ එක්කම වතුර පාර සැරවුණා. ඉස්සරලාම එයාලා අල්ලගෙන හිටපු මරාදේ කැඩුණා. ඒ එක්කම ගහගෙන යන්න ගත්තා. මගේ මහත්තයා ගසාගෙන ගිහින් වැළක එල්ලී ගොඩට එන්න උත්සාහ කරමින් සෑහෙන වෙලාවක් හිටියා. එතන හිටපු කිහිප දෙනෙක් යකඩ කුරක් දීලා එයා උඩට ගන්න හැදුවා. යකඩ කුර අල්ලන්නට හදනකොටම ඒක අතහැරිලා මහත්තයත් ‍
ගසාගෙන ගියා. මගේ මහත්තයයි. මගේ දරුවෝ දෙන්නයි. මගේ අම්මයි ගසාගෙන ගියා. අපිත් එක්ක ආපු අනිත් පවුලේ අයයි. එයාගෙ නෝනයි එයාලගෙ දුවලා දෙන්නයි ගසාගෙන ගියා.‘

නාමින් සිටි පිරිස දිය පහරට හසුවී ගසාගෙන යෑමත් සමඟ ප්‍රදේශවාසීන් පැමිණ ඔවුන් සෙවීමේ කටයුතු ආරම්භ කළ අතර ලග්ගල පොලිසිය මෙන්ම පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීහුද එම ස්ථානයට පැමිණ අතුරුදන් වූවන් සෙවීමේ කවයුතුවලට එක්වූහ. මියගිය පස් දෙනකුගේ මළ සිරුරු පෙ‍ෙර්දා (4) පස්වරුව වන විට ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව ගොඩගනු ලැබූ අතර කුඩා දරුවන් තිදෙනකුගේ මළ සිරුරු සෙවීමේ කටයුතු දිගින් දිගවම සිදුකෙරිණි.
 ප්‍රදේශවාසීන් කියා සිටියේ ඇල්ලෙන් ඉහළ ප්‍රදේශවලට අධික වර්ෂාවක් ලැබෙන විට හිටි ගමන් මහා ඡල කඳක් ගලාගෙන එන බවය. ප්‍රදේශවාසීන් ඒ බව හොඳින් දන්නා නමුත් සංචාරය සඳහා පැමිණෙන බොහෝ දෙනකු ඒ බව නොදන්නා බවද ඔවුහු පැවැසූහ.
pix courtesy by-lankadeepa