රනිල් මැතිඇමතිවරු 32 ක් සමග
බැඳුම්කර කොමිසමට ආ හැටි (වීඩියෝ)


බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති කොමිසම වෙත අද උදෑසන පැමිණියේය.
ඔහු එන්නට පෙරාතුව සිට එජාපය නියෝජනය කරන ඇමතිවරුන් විශාල පිරිසක් වෙන වෙනම එතැනට ආ අතර ඔවුනට කොමිසමට ඇතුළුවන්නට අවසර නැතත්
අගමැතිවරයාට

සහාය පිණිස ඔවුන් පිටත අසුන්ගෙන සිටිනු ඇතැයි වාර්තාවේ.
අගමැතිවරයා කැඳවිය යුතු බවට කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා විසින් පසුගිය 02 වැනිදා කොමිසම හමුවේ කළ විශේෂ ප්‍රකාශයක්‌ අනුව අගමැතිවරයා අද කොමිසම හමුවේ සාක්‍ෂි දීමට කැඳවා ඇත.
 එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 32ක් ඇතුලු තවත් මන්ත්‍රීවරුන් පිරිසක් එම පරිශ්‍රයට පැමිණි බව මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.
කොමිෂන් සභා පරිශ්‍රයට දැඩි ආරක්ෂාවක් යොදවා ඇති අතර ඒ සඳහා පොලීසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා තිබෙයි.