Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

Trending

Contact Gossip Editor

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න


බලෙන් රූම් එක්ක යන්න හැදූ
පෙම්වතා පදවමින් සිටි බයික් එකින් පැන්න
පෙම්වතියට බරපතලයි


තමා සමග ප්‍රේමයෙන් වෙළී සිටි පෙම්වතා කාමරයකට යමු කියා නොහොබිනා යෝජනාවක් කළ අවස්ථාවේ එයට අකමැති වුවත් බලහත්කාරයෙන් එය සඳහා රැගෙන යමින් සිටියදී ජීවිතය ගැන ආශාව අතහැර ධාවනය වෙමින් පැවති මෝටර් සයිකලයකින් පැන්න තරුණියක
බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමේ සිද්ධියක් ඊයේ අරණායක - ගල්බොක්ක ප්‍රදේශයෙන් වාර්තා විය.
බරපතල තුවාල ලැබූ තරුණිය එම ප්‍රදේශයේම පදිංචි 21 හැවිරිදි අයෙකි. ඇයගේ මේ කියන පෙම්වතා වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි යුද හමුදා සෙබළෙකු වන අතර ඔහු සමඟ කාලයක් තිස්සේ

ප්‍රේම සම්බන්ධයක් පවත්වා තිබෙයි.

ඊයේ (26) දහවල් ඔහු ඇය හමුවීමට කෑගල්ල නගරයට පැමිණ ඇත. එම අවස්ථාවේ ඔහු මුලින් යෝජනා කර ඇත්තේ නිදහස් තැනකට ගොස් කතාබහ කරමු කියාය.  ඔහු ඉඟි කර ඇත්තේ නගරයේ පිහිටි උද්‍යානයකට යන බවකි. එයට එකඟවූ තරුණිය ඔහුගේ මෝටර් සයිකලයට නැගගෙන තිබෙන අවස්ථාවේ ඔහු සයිකලය පදවන්නේ නාඳුනන පැත්තකට බව තරුණියට ඉව වැටී ඒ ගැන විමසද්දී පවසා ඇත්තේ ‘පාක් එක වැඩක් නෑ අපි රූම් එකකට යමු මං දන්නව හොඳ තැනක්‘ කියාය.

එම ගමන යාමට තරුණිය කැමතිවී නැත. ඇය දිගින් දිගටම එහි නොයන ලෙස පෙම්වතාගෙන් ඉල්ලා සිටියත් ඔහු ඇයට සැර කර කියා ඇත්තේ ‘ඔයා මොනව කිව්වත් වැඩක් නෑ. මං එතැන්නටම තමයි යන්නේ‘ ලෙසිනි. එම අවස්ථාවේ තරුණියට ඔහු බලහත්කාරකමක් සිදුකරන්නට දරන උත්සාහය ගැන ඉව වැටී කෑගසා ඇති නමුත් අවට සිටි අය ගමන් කරමින් තිබෙන බයිසිකලය ගැන අවධානය යොමු කර නැත. බැරිම තැන ඇය බයිසිකලය නවත්වන්නට ඔහුව තල්ලු කරමින් උත්සාහ කළත් එයද අපහසුවී ඇති අතර ඇය එක්වරම බයිසිකලයෙන් පැන තිබේ.

ධාවනය වෙමින් පැවති මෝටර් සයිකලයෙන් වැටුණ ඇයට එම අවස්ථාවේ බරපතල තුවාල සිදුව ඇත.ඇයගේ පෙම්වතා පසුව අවට සිටි අයගේද උදව් ඇතිව ඇයව කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.සිද්ධිය පිළිබඳව ලද පැමිණිල්ල මත සැකකරු සහ අදාළ යතුරුපැදිය අත්අඩංගුවට ගැනීමට කෑගල්ල පොලිසිය කටයුතු කර තිබේ.
 සැකකරු කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (27) ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.












Gossip Lanka Previous News

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stat