පෙම් පලහිලව්වකට
සිසුවියන් හතර දෙනකු නිවසට ඇවිත්

සිසුවකුට මරණ තර්ජන කරලා

සබරගමුවේ ප්‍රකට බාලිකාවක ශිෂ්‍යාවන් හතර දෙනකු තම නිවෙසට පැමිණ තමාට පහරදී ඝාතනය කරන බවට තර්ජනය කළා යැයි ශිෂ්‍යයෙක් කෑගල්ල පොලිසියට පැමිණිල්ලක් කර තිබේ. මෙලෙස පැමිණිල්ලක් කර
ඇත්තේ ප්‍රදේශයේ පිරිමි විදුහලක

11 වැනි ශේ‍ර්ණියේ අධ්‍යාපනය ලබන 16 හැවිරිදි ශිෂ්‍යයෙකි.

ඔහු මාස කිහිපයක සිට බාලිකා විද්‍යාලයක 11 ශේ‍ර්ණියේ සිසුවියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනඟා ගෙන ඇත. එහෙත් මොහු මීට දින කිහිපයකට පෙර එම පාසල් ශිෂ්‍යාව සමඟ අමනාප වී ප්‍රේම සම්බන්ධතාවය අතහැර දමා තිබේ. සිත් වේදනාව නිසා එම ශිෂ්‍යාව දින කීපයක් පාසල් පැමිණ නැත. පසුව තම පන්තියේ හොඳම මිතුරියන් හතර දෙනාට මේ බව දන්වා ඇත. ඇගේ මිතුරියන් හතර දෙනා පසුගිය දිනක සිසුවාගේ නිවෙස සොයා ගෙන ගොස් තම යෙහෙළිය කනස්සල්ලෙන් සිටින බවත් නැවත ප්‍රේම සම්බන්ධතාව ගොඩනඟා ගන්නා ලෙසත් දන්වා තිබේ. නැවත ඇය සමඟ යහළු නොවුණොත් තරුණයන් පිරිසක් යොදවා පහර දී ඝාතනය කරන බවත් එම සිසුවියන් හතරදෙනා ඔහුට තර්ජනය කර ඇත.

සිසුවා කළ පැමිණිල්ලෙන් පසු පෙරේදා (31දා) එම සිසුවාත් තර්ජනය කළ සිසුවියනුත් පොලිසියට ගෙන්වා සිද්ධිය සමථයකට පත් කර ඇත.

දමුණුපොළ - චමින්ද ජයලත්