Kidz World අධිපති සියදිවිනසා ගත්තේ
ණය බරින් පීඩිතවූ නිසාද?
පවුල් ප්‍රශ්නය නිසාද?


පෙරේදා (13) අතුරුගිරිය මාලබේ නිවසක්‌ තුළ විදුලි පංකා කොක්‌කක එල්ලී දිවිනසාගත් පුද්ගලයා කෝටිපති ව්‍යාපාරිකයකු වූ රංග සංජීව හෙට්‌ටිඅප්පුහාමි (38) ලෙස හඳුනාගෙන තිබේ. ලංකාවේ නගර ගණනාවක ළදරු නිෂ්පාදන අලෙවිය නිසා ප්‍රකටව තිබන Kidz World සාප්පු ජාලයේ හිමිකරු වූ ඔහු මේ ආකාරයට දිවිනසාගැනීම පවුලේ අයට මෙන්ම ආයතනයේ සේවක සේවිකාවන්ටද විමතිය දනවන කාරණාවක් වී තිබේ.
දිවිනසාගත් සිරුර හමුවූ ඔහු වාසය කරමින් සිටි නිවසේ ඔහු පමණක් තනිව වාසය කර තිබුණ අතර ඔහුගේ බිරිය හා එකම දරුවා
තලාහේන ප්‍රදේශයේ වෙනත් නිවසක ජීවත් වී ඇත.

මියගිය රංග එම නිවසේත් මෙම නිවසේත් වරින්වර වාසය කර තිබේ.ඔහුට පවුල සමග කිසියම් ගැටලුකාරී තත්ව තිබී ඇති බවට පොලිසියට කරුණු අනාවරණයවී තිබෙන අතර ඔහු මියයනතුරු ඔහුගේ බිරිය ඔහු පදිංචිව සිටින මෙකී ස්ථානය පවා දැනනොසිටීම විශේෂ කාරණයක් විය.

තමා මේ මරණය ගැන පුදුම වන බවත් මේ නිවසේ සිටියේ කාසමගදැයි යන්න සැක බවත් බිරිය පොලිසියට කරුණු දන්වා තිබේ.

මියගිය රංග මියයාමට උපයෝගී කරගෙන තිබුනේ නිවසේ එක් කාමරයක විදුලි පංකාව සවි කරන කොක්කයි. ඔහු එම කාමරයේ විදුලි පංකාව ගලවා බිම තබා එම කොක්කේ ලණුවකින් එලී දිවිනසාගෙන තිබී ඇත.

ඔහුගේ මරණය මුලින්ම දැනගන්නට ලැබී ඇත්තේ කුලී නිවස ලබාදුන් හිමිකරුවන්ටය.අතුරුගිරිය කහංතොට පාරේ අළුබෝවත්තේ පිහිටි මෙම නිවසේ මාසික කුලිය ලබාගැනීමේ අටියෙන් නිවසේ හිමිකරු තම පවුලේ සාමාජිකයන් සමඟ පෙරේදා (13 දා) රාත්‍රියේ මෙම නිවසට පැමිණ බැලීමේදී දොරගුළුවසා තිබීම සැකයට හේතුවී ඇත.

පසුව දොරගුළු විවෘත කර බැලීමේදී එක්‌ කාමරයක විදුලි පංකාව ගලවා බිම තබා එම ආධාරකයේ ලණුවක්‌ ගැටගසා මෙම ව්‍යාපාරිකයා එල්ලී මියගොස්‌ සිටිනු දැක ඇත.ණයබර උසුලා ගැනීමට නොහැකි බවට ලිපියක්‌ ලියා තබා තිබුණ බවද වාර්තා විය.

ළදරු නිෂ්පාදන භාණ්‌ඩ අලෙවි කරන වෙළෙඳ ආයතන ගණනාවක හිමිකරු වූ මියගිය අය මෙම නිවසරුපියල් 75,000 ක්‌ ගෙවා මාස තුනකට කුලියට ගෙන එහි තනිව වාසය කරමින් සිට ඇත.

මාස 3 අවසන් වන දිනය වනවිට තවදුරටත් එහි සිටිය නොහැකි බව දැන නැවත බිරිය සිටින නිවසට යාමට නොහැකිව මේ ආකාරයට දිවි නසාගත්තේද නැතිනම් වෙනත් හේතුවක් නිසා දිවිනසාගත්තේද යන්න තවම පැහැදිලිවී නැත.
තම සැමියා මියයන තුරුම මෙවැනි නිවසක්‌ කුලියට ලබාගෙන සිටි බව නොදැන සිටි බිරිඳගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමටද පොලිසිය බලාපොරොත්තුවේ.