කිඩ්ස් වර්ල්ඩ් හිමිකරුගේ මරණය තාම අභිරහසක්
දරුවාට මාස 5යි - සල්ලි ප්‍රශ්න තිබී නෑ

පසුගියදා අභිරහස් ගෙස ගෙළ වැළලාගෙන දිවිනසාගත් කිඩ්ස් වර්ල්ඩ් ව්‍යාපාර ජාලයේ හිමිකරු වන කෝටිපති ව්‍යාපාරික රංගජීව හෙට්ටිඅප්පුහාමි සම්බන්ධ මරණයට අදාළ කාරණා තවමත් තේරුම් ගැනීමට අපහසු තත්වයේ පවතින බව ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන නිලධාරීන් සඳහන් කර තිබේ.
මියගිය රංගජීව මහතාගේ සිරුර අතුරුගිරිය කහන්කොට ප්‍රදේශයේ නිවෙසක විදුලි පංකාවකින් එල්ලෙමින් තිබියදී 14 දා උදේ සොයාගත් අතර තලංගම හදිසි මරණ පරීක්ෂක
ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය එදින උදේ මූලික පරීක්ෂණ සඳහා එම ස්ථානයට ගිය අවස්ථාවේ මියගිය අයගේ බිරිඳ සංක්ෂි දීමට තරම් මානසික තත්ත්වයක නොසිටි බව කියමින් එය මගහැර තිබුණි.
මියගිය අයගේ ඥාතීන් සාක්කිදීමට ඉදිරිපත් වූයේද නැත.
ඉදිරි විමර්ශන සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ලබාගන්නා ලෙස මරණ පරීක්ෂකවරියට දැනුම් දීමට සිදුවිය.
 38 හැවිරිදි මියගිය

රංගජීව පස් මස් බිළිඳකුගේ පියෙකු බවද වාර්තා විය.
ඔහු මියගිය කුලී නිවස ලබාගෙන තිබුනේ මීට මාස 3 කට පෙරාතුව වන අතර ඒ ගැන ඔහුගේ විවාහක බිරිය දැන සිටියේ නැත.
ඒ අනුව රංගජීවගේ කුඩා දියණිය ඉපදී මාස දෙකකින් පමණ ඔහු බිරියටත් හොර රහසේම මෙම ස්ථානය කුලියට ලබාගෙන වරින්වර එහි නවාතැන්ගැනීම් සිදු කර ඇති බව හෙළිවිය.
ලැබෙන වාර්තා අනුව පෙනී යන්නේ ඔහුට අභිරහස් ජීවිතයක් තිබුණ බවකි.
මියගිය රංගජීවගේ බිරිය සිද්ධිය වාර්තාවී එම ස්ථානයට පැමිණි විගස පවසා තිබුනේ තමන් එවැනි නිවසක් ගැන නොදන්නා අතරම ඔහු කාසමග එහි ගතකළේද යන්න ගැන සැකයක් පවතින බවකි.
මියගිය අය තමාට ආර්ථික ප්‍රශ්න උසුලාගත නොහැකිව දිවිනසාගන්නා බවට ලිපියක් ලියා තිබූ නමුත්
එවැනි ප්‍රශ්නකාරී තත්වයක් හඳුනාගන්නට ලැබී නැති බවද පැවසේ.
කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් ජයානන්ද සමරකෝන් මහතා එම මරණය සිදුවූ නිවෙසට ගොස් ස්ථානීය පරීක්ෂණයක් සිදුකළ අතර මියගිය අයගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කොළඹ වෙසෝහාරික වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යවා වාර්තාවක් ලබාගන්නා ලෙස අතුරුගිරිය පොලිසියට නියෝග කර තිබුණි.
අතුරුගිරිය පොලිසිය මේ ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි.