පිළිකාවෙන් මැරෙන්න පෙර 
යුතුකම් ඉටු කළ යුතුයයි කියා
සිසු සිසුවියන් 10 කට ලක්ෂය ගානේ බෙදාදුන්
කෑගල්ලේ ඉංජිනේරුවරයා



විදෙස් රටක වසර ගණනාවක් ඉංජිනේරුවරයකු ලෙස සේවය කොට විශ්‍රාම ලැබීමෙන් පසු දරුණු ගණයේ පිළිකා රෝගයක් තමාට වැළඳී ඇති බවද දැනගෙන නැවත ගම් පළාතට පැමිණි මහතෙකු තමන්ගෙන් ගමට ඉටු වියයුතු යුතුකමක් ඉටුකිරීමේ අටියෙන් කැගල්ල ප්‍රදේශයේ තෝරාගත් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යයාවන් 10 දෙනකුට රුපියල් ලක්ෂය බැගින් පිරිනැමීමේ කටයුත්තක් පසුගියදා සිදුවුණා. මේ ආකාරයට මුළු මුදලවූ මිලියනයක් පිරිනමන්නට
ඉදිරිපත්වූයේ කැගල්ල

පාරගම්මන පදිංචි මහින්ද සිරිවර්ධන නමැති 72 හැවිරිදි ධනපති ඉන්ජිනේරුවරයෙකි.
 මහින්ද මහතා පරගම්මන උපත ලබා මුලික අධ්‍යාපනයද එම පෙදෙසේම ලබා ඉංජිනේරුවරයකු ලෙස උපාධියක් ලද පසුව ඇමරිකාව, කැනඩාව, මැලේසියාව, ඉන්දියාව වැනි රටවල වෘත්තියෙහි යෙදී පසුගියදා ලංකාවට පැමිණ තිබිණි.
ඔහු දරුණු ගණයේ පිළිකා රෝගයකට ගොදුරුව ඇති බව දැනගෙන දැන් ටික කාලයකි.

රෝගී තත්වය නිසා තමාට අනිත්‍යය වැටහුණ බවත් තමා හරිහම්බ කළ දෙයින් දරුවන්ගේ නැණස පාදන්නට යම් උදව්වක් කළ හැකි නම් එය වටිනා දෙයක් ලෙස සලකන බවත් පවසන ඒ මහතා තමාට මූලික අධ්‍යාපන අඩිතාලම ලබාදුන් කෑගල්ල ගම් පියස වෙනුවෙන් එම පරිත්‍යාගය කරන්නට සිත් පහළ කරගෙන තිබේ.

හැටන් නැෂනල් බැංකු කැගල්ල ශාඛාව මඟින් සංවිධානය කරන ලද  ඉතුරුම් දින උත්සවයකදී විදුහල්පතිවරුන් විසින් නම්කර එවන ලද දක්ෂ සිසුසිසුවියන් 10 දෙනෙකුට මෙම පරිත්‍යාගය කර තිබුණි.
 යුරෝපයේ රටවල් ගණනාවක සේවය කිරිමට තමාට අවස්ථාව ලැබුනේ හොඳ අධ්‍යාපනයක් ලබාගන්නට හැකිවූ නිසා බවත් 10 දෙනෙකුට මේ සුළු මුදල පිරිනමන්නේ තම ජීවිතය දිනන්නට පිටිවහලක් කරගනු ඇතැයි සිතා බවත් කෙටි කතාවක් පවත්වමින් හෙතෙම එහිදී සඳහන් කළේය.