විනිසුරු ඉලංන්චේලියන්ගෙන්
හමුදාපතිට උසාවි එන්නැයි නියෝගයක්

යුද සමයේ 1996 ජූලි මස 19 වැනිදා ආරක්ෂක අංශ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අතුරුදන් වූ පුද්ගලයන් 24 දෙනකු සමිබන්ධයෙන් වන නඩුවක් ඊයේ (15දා) යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චේලියන් මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී යුද හමුදාපතිවරයා වෙත අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝගයක් නිකුත් කළේය. අතුරුදන්වූවන්ගේ ඥාතීන් ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් පුද්ගලයන් සමිබන්ධයෙන්
අදාළ නඩුව ගොනු කොට තිබිණි. 1996 ජූලි මස 19 වැනිදා යාපනය නාවටිකුලි ප්‍රදේශයේදී අතුරුදන් වූ තරුණයන් පිරිසක් සමිබන්ධයෙන් අදාළ නඩුව ගොනු කොට ඇති බව අතුරුදන්වූවන්ගේ ඥාතීන් පැවැසීය. නඩු විභාගය කැඳවමින’ යයාපනය මහාධිකරණ විනිසුරුවරයා පැවැසුවේ අදාළ අතුරුදන්වූවන්

සමිබන්ධයෙන් සාක්‍ෂි ලබා ගැනීම වෙනුවෙන් 1වැනි සාක්ෂිකරු ලෙසට 1996 වසරේ නාවටිකුලි යුද හමුදා කඳවුරු අණදෙන නිලධාරි ලෙස සිටි දුමින්ද කැප්පටිවලාන මහතා, 2 වැනි විත්තිකරු ලෙසට යුද හමුදාපතිවරයා හා 03 වැනි සාක්ෂිකරු ලෙසට නීතිපතිවරයා කැඳවීම් කරනු ලැබීය.

යුද හමුදාපතිවරයා ඇතුළු පිරිසට එළැඹෙන 18 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝගයක් නිකුත් කිරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කෙරිණි. මේ වන විට අදාළ අතුරුදන් වීම සම්බන්ධයෙන' අනුරාධපුර මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.
සිද්ධිය සමීබන්ධයෙන් යාපනය ආරක්ෂක අංශයන්ගෙන් සිදු කළ විමසීමකදී යාපනය ආරක්‍ෂක අංශ පැවසුවේ පුද්ගලයන් පිරිසක් අතුරුදන් වීමක් සමීබන්ධයෙන් අතුරුදන්වූවන්ගේ ඥාතීන් පිරිසක් නැවත නඩුවක් ගොනු කොට ඇති බවයි.
යාපනය ආරක්ෂක අංශ පැවැසූවේ පිරිසක් අතුරුදන් වීම සමීබන්ධයෙන් 2002 වසරේදී යාපනය මහාධිකරණයේ නඩුවක් ගොනු ෙකාට පැවැති අතර, අදාළ අතුරුදන් වීම සමීබන්ධයෙන් මූලික නඩු විභාගය 2002 වසරේදී චාවකචිචේරි දිසා අධිකරණයේ පවත්වා ඇති බවයි.

නඩු විභාගය චාවකචියේ චිරි දිස හා අධිකරණයේදී පවත්වාගෙන යන අවස්ථාවේ එවකට යුද හමුදාපතිවරයා විසින් නඩුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ගොනුකළ පෙත්සමක් මත අදාළ නඩු විභාගය අනුරාධපුර මහාධිකරණයට මාරුකොට ඇති බවද ආරක්ෂක අංශ පැවැසූහ. නඩුව 2003 වසරේ සිට අනුරාධපුර මහාධිකරණයේ විභාග වුවද කිසිදු නිගමනයක් නොලද බැවින් නීතිඥයන් මාර්ගයෙන් නැවත යාපනය මහාධිකරණයේ නඩුවක් ගොනු කළ බවද අතුරුදන්වූවන්ගේ ඥාතීන් පවසා ඇත.