මොහොමඩ් සමීර් සුහයීර්
රාජගිරියේ චන්දකිත්ති වුණ හැටි

අරණායක සාමසර කන්ද කී පමණින් අපේ මතකයට එන්නේ ජීවිත ගණනාවක් බිලිගනිමින් නාය ගිය කන්දකි. එ්ත් මෙදා සාමසර කන්ද ගැන කතා කරන්නට ඇත්තේ ඊට වෙනස් කතාවකි. නායයමින් තිබෙන ජාතික සමගියට වැට බඳින විදියේ සිදුවීමක් ගැන සිදුවීමකි.
පසුගිය 03 වැනිදා සාමසර කන්ද පාමුල ඇති අරණායක, මෝරාගම්මන ශී‍්‍ර මයුරපාද විහාරයට බොහෝ දෙනා රැස්ව සිටියේ දරුවෙකු සසුනට ඇතුළුකර ගැනීමේ පින්කමට සහභාගි වීමටය. එ්ත් එ් පින්කමෙහි වෙනදා කවදාවත් නැති
අරුමයක් මෙන්ම විශේෂත්වයක්ද වූයේය. එ් විශේෂත්වය නම් එදා සිංහල බෞද්ධ සැදැහැවතුන්ගේ සාදුකාර හඬ මැද සසුන්ගත වූයේ මුස්ලිම් දරුවකු වීමයි.
මෙසේ සසුන්ගත වූයේ රාජගිරියේ රාජගිරිය මාදින්නාගොඩ පදිංචිව සිටි මොහොමඞ් සමීර් සුහයීර් නමැති අවුරුදු 10ක් වයසැති මුස්ලිම් ජාතික දරුවකි. මොහොමඞ් සමීර් සුහයීර්

පැවිදි දිවියට ඇතුළත් වූයේ රාජගිරියේ චන්දකිත්ති නමිනි.
දරුවන් දෙදෙනකුගෙන් යුත් පවුලේ බාලයා වූ මොහොමඞ් සමීර්ට වැඩිමහල් සහෝදරයෙක්ද වේ. 2007 අපේ‍්‍රල් මස 12 දින බොරැුල්ල කාසල් කාන්තා රෝහලේදී උපත ලද සමීර්ගේ මව්පියෝ වූයේ මොහොමඞ් සුයීර් නිසාම්ඞීන් සහ චිත‍්‍රා සීමනි ඔලිවර් යන දෙපළය. සමීර්ගේ පියා ඉස්ලාම් භක්තිකයෙකු වන අතර මව සිංහල කාන්තාවකි.

රාජගිරිය, ඔබේසේකරපුර, අරුණෝදය මාවතේ, අරුණලූ උයනේ පදිංචිව සිටි මෙම දෙපළට පිරිමි දරුවන් දෙදෙනෙකි. පවුලේ බාලයා වූ සමීර් මව සහ පියා සමග ජීවත් වෙමින් සිටි අතර ඔහු 2013 මාර්තු 27 වෙනිදා ව/ගිරිඋල්ල/ නාලවලාන කනිෂ්ඨ විද්‍යාලයට ඇතුළත් කෙරිණි. එහිදී ඔහු අධ්‍යාපනය ලැබූයේ සිංහල භාෂාවෙනි. එම විදුහලේ වසරක පමණ කාලයක් අධ්‍යාපනය ලබමින් සිටියදී 2014 පෙබරවාරි 11 වන දින ඔහුගේ මව පියා වෙනත් ප‍්‍රදේශයකට පදිංචියට යාම නිසා සමීර්ටද පාසලට සමු දීමට සිදුවිය.

එහෙත් තම පුතුන්ගේ අධ්‍යාපනය පටන් ගත් තැනදීම නාය යාමකට හසුවීම මවට  දරාගත නොහැකි දෙයක් විය. දස අතේ කල්පනා කළ ඇය අවසානයේදී නාවල ප‍්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක හිමිනමක් හමුවී තම පුතුට ඉගැන්වීමට අවශ්‍ය පරිසරය සකසා දීමට උපකාර වන ලෙස ඉල්ලා සිටියාය. එහි ප‍්‍රතිඵලය හැටියට සමීර්ට පන්සලේ නැවතීමට එම අවස්ථාවේදීම හැකිවිය. සමීර් පන්සලේ නැවැත්වූ මව ගෙදර ගියාය. එ්ත් සතියක පමණ කාලයක් විහාරස්ථානයේ නතර වී සිටි සමීර් තමන්ට පන්සලේ සිටිය නොහැකි බව පවසමින් මව සොයා පැමිණියේය.

තම පුතුට කෙසේ හෝ ඉගැන්වීමට අදිටන් කරගෙන සිටි චිත‍්‍රා සීමනීට පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් හමුවන්නේ මේ අතරමය. එ් කොළඹ විහාරස්ථානකදීය. ඵහිදී ඇය තම පුතු පිළිබඳ සියලූ තොරතුරු චන්ද්‍රරතන හිමියන්ට පවසන්නීය. සියල්ල සන්සුන්ව අසා උන් උන්වහන්සේ ඇයට යෝජනා කරන්නේ පුතු සසුන් ගත කරන ලෙසය. චිත‍්‍රා සීමනි චන්ද්‍රරතන හිමියන්ගේ එම යෝජනාවට එක පයින්ම කැමති වන්නීය. එ්ත් ඇයට එකවර පිළිතුරක් දිය නොහැකි වන්නේ, තම සැමියා දරුවාගේ පියා නිසාම්ඞීන් මේ ගැන කුමක් කියාවිදැයි නොදන්නා නිසාය. එ්ත් නිසාම්ඞීන්ද එ් යෝජනාවට අකමැති නොවන්නේය. එ් අනුව මේ මව් පිය දෙපළ තම දස හැවිරිදි කුඩා පුතු සමීර් චන්ද්‍රරතන හිමියන් වෙත භාර දුන්නේය.


චන්ද්‍රරතන හිමියෝ කුඩා සමීර්වත් රැුගෙන කොළඹ සිට පැමිණියේ අරණායක, මෝරාගම්මන, ශී‍්‍ර මයුරපාද රජමහ විහාරයේ වැඩ වසන තම ගුරු හිමියන්වන පූජ්‍ය පුවක්මොටේ ධම්මරතන හිමියන් වෙතය.
අරණායක සාමසර කන්ද පාමුල කුඩා ඔය අසබඩ පිහිටි මෝරාගම්මන ශී‍්‍ර මයුරපාද රජමහ විහාරය පූජාවලිය ලියූ බුද්ධපුත‍්‍ර නාහිමියන් වැඩ විසූ ඓතිහාසික විහාරස්ථානයකි. ටැම් මත ඉදිකළ සංඝාවාසයක් හා බුදු කුටියක් ඇති මෙම විහාරස්ථානයේ විහාරාධිපතිි ලෙස කටයුතු කරන්නේ කෑගල්ල සියඹලාපිටිය අශෝකාරාමාධිපති පූජ්‍ය ශාස්ත‍්‍රවේදී පුවක්මොටේ ධම්මාරාම ස්වාමීන් වහන්සේය.

උන්වහන්සේගේ අවවාද අනුශාසනා මත සමීර් සසුන් ගත කිරීමට කටයුතු සුදානම් කළහ. ඉකුත් ඉල් පොහෝ දිනට දින කිහිපයකට පෙර සමීර් ඇතුළු තවත් කුල දරුවන් තිදෙනකු පැවිදි කිරීමේ පින්කම උත්සවශී‍්‍රයෙන් සිදු කෙරුණි. මෙම පැවිදි කිරීමේ පින්කමේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබුණේ ඉස්ලාමීය ජාතික මොහොමඞ් සමීර් සසුන්ගත කිරීමේ අවස්ථාවයි. පූජ්‍ය පුවක්මොටේ ධම්මරතන හිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස රාජගිරියේ චන්දකිත්ති නමින් පැවිදි වූ කුඩා සාමණේරයන් දැනට මෝරාගම්මන විහාරස්ථානයේ වැඩ වෙසෙන පොල්අඹේගොඩ ශ‍්‍රී සුදර්ශනාරාම පිරිවෙන් ආයතනයේ අධ්‍යාපනය හදාරන්නේය.

තම පුතු ශාසනයට පූජා කළ මොහොමඞ් සුයීර් නිසාම්ඞීන් සහ චිත‍්‍රා සීමනි ඔලිවර් මව් පිය දෙපළ සිය පුතු බුද්ධ ශාසනයට පූජා කිරීම ගැන සඳහන් කරමින් කියා සිටියේ මෙවැනි කතාවකි. ‘‘අපිට ජීවත් වෙන්න කියලා ස්ථිර රැකියාවක් නැහැ. අපිටම කියලා ගෙයක් දොරක්වත් නැහැ. තැනින් තැන කුලියට තමයි ජීවත් වෙන්නේ. අපි ටික කාලයක් මීගමුවේ මාකඳුරේ වත්තක හිටියා. ලොකු පුතා නම් මහත්තයාගේ අක්කා ළග ඉන්නේ. පොඩි පුතා අපි ඵක්ක හිටියේ. එයා ඉස්කෝලෙකට දා ගන්න බැරිව අපි ගොඩක් දුක් වින්දා. ඔහොම ඉන්නකොට තමා චන්ද්‍රරතන හාමුදුරුවෝ හමුවුණේ. එ් හාමුදුරුවෝ හින්දා අපේ පුතා අද භික්ෂුන් වහන්සේ නමක් විදිහට ඉන්නවා දැක්කාම අපට ගොඩක් සතුටුයි. පුතා කවදා හරි හොඳ තැනකට එයි කියලත් අපට ලොකු විශ්වාසයක් තියනවා’’.
මේ සුවිශේෂී අවස්ථාවට ඉඩකඩ අතහිත සපයා දුන් මෝරාගම්මන ශී‍්‍ර මයුරපාද රජමහ විහාරස්ථානයේ විහාරාධිකාරි පූජ්‍ය පුවක්මොටේ ධම්මරතන හිමියන්ද එහිදී අපට හමුවිය. උන්වහන්සේ අප සමග කියා සිටියේ ශාසනික දියුණුව වෙනුවෙන් කැපවී සිටින බුද්ධ පුත‍්‍රයකු වන තමන්වහන්සේට ජාති ආගම කුල ආදී වශයෙන් භේදයක් නැති බවයි. ‘‘මොන ජාතියක මොන ආගමක වුණත් බුදු දහම වැලඳ ගන්නවානම් ඵ් දරුවාට ධර්මය අවබෝධ කර දීම තමයි අපේ යුතුකම. සිංහල, මුස්ලිම්, ජනතාවක් සහයෝගයෙන් ජීවත් වන මේ ගමේ ඉස්ලාම් භක්තික දරුවෙකු මහණ කළා කියලා ලොකු වෙනසක් නෑ. එදා ඉඳන්ම මේ ගමේ හැම දෙනාම ජීවත් වුණේ පන්සලත් එක්ක. මම මේ ඉස්ලාම් දරුවත් එක්ක තවත් කුල දරුවන් තුන් දෙනෙක් මහණ කළා. චන්දානන්ද, චන්දවිමල, ධම්මදස්සි හා චන්දකිත්ති යන මේ සාමණේරවරු සිව්දෙනාට හොදින් අධ්‍යාපනය ලබා දෙන්න  ඕනෑ. ඉදිරියේදී තවත් කුල දරුවන් කිහිප දෙනෙක් සසුන් ගත කරන්න මම බලාපෙරොත්තු වෙනවා’’. යැයිද උන්වහන්සේ තවදුරටත් කියා සිටියේය.

ප්‍රදීප් කුමාර ධර්මරත්න