වැරදි අයින් කරන්න කියාගෙන
ඒකාබද්ධය සාකච්ඡාවලට එනවා නම්

මං ගහනවා කණ පැළෙන්න
- චන්ද්‍රිකාගේ ප්‍රකාශය (video)


ශ්‍රී ලනිපයට ද්‍රෝහිකම් කළ පිරිස් පක්ෂයට එන්න හදන්නේ සියලු දූෂණ චෝදනා ඉවත්කරන්නට කොන්දේසි තබාගෙන බවත් එසේ සාකච්ඡාවට සහභාගි වන්නේ නම් තමා කන පැළෙන්නට පහර දෙන බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පසුගියදා ඇහැළියගොඩ පක්ෂ රැස්වීමකදී කර තිබෙන ප්‍රකාශය ආන්දෝලනයට තුඩුදී තිබේ.
දෙකඩ වී තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය
නැවත ස්ථාපිත කොට ශක්තිමත් කිරීමේ අරමුණින් පක්‍ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (03දා) සාකච්ඡාවක් කැඳවා ඇති නමුත් ඊට ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පිරිස් සහභාගි නොවන බවට ලිඛිතව දැනුම් දීමක් කරමින් කණ පැලෙන්න ගහන කථාවද මතක් කර දී තිබේ.

ඇහැළියගොඩ පක්ෂ රැස්වීමේදී හිටපු ජනපතිනිය මෙසේ කියා තිබුණි.

‘කවුරු හරි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බේරාගන්න මේ පක්‍ෂයත් කාලා රටත් විනාශ කරලා මිනී මරන නායකයන් පස්සේ ගිය මිනිස්සු මේකට ආයෙත් ගන්න ඕනේ කියනවා නම් ඒ ගොල්ලෝ පක්‍ෂයට ද්‍රෝහිකමක් කරන්නේ.
දැන් සාකච්ඡාවලට එනවලු. මම නම් යන්නේ නැහැ ඕවට. ආවා නම් මම ගහනවා කන පැළෙන්න. අපට විරුද්ධව තියෙන නඩු ටික ඉල්ලා අස්කරන්න, ඉන්ක්වයිරි ටික අයින් කරන්න පොලිසියේ අපිට විරුද්ධව කටයුතු කරපු අය අයින් කරන්න. එතකොට අපි පක්‍ෂයට එන්නම්. නැත්නම් මේක කරන්න බැහැ.. එගොල්ලො කියනවා.ඒකියන්නේ මේක ආයෙත් හොර ගුහාවක් කරන්න කියලා.‘

එම කතාවේ වීඩියෝව පහතින්