වහළක් ගැසූ නිසා
අවුකන බුදු පිළිමය අනතුරේ
 

ලෝක ප්‍රකට බෞද්ධ ප්‍රතිමාවක් වන අවුකන බුදු පිළිම වහන්සේගේ ආවරණය සඳහා 2015 වසරේ ඉදිකර ඇති යකඩ තහඩු සහිත වහලය නිසා අනතුරුදායක තත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.
එම ස්ථානයට නිරන්තරයෙන් අකුණු සැර වදින බව
අවුකන රජමහ විහාරාධිපති ශාස්ත්‍රවේල්ලියේ

ධම්මකිත්ති නාහිමියන් චෝදනා කර තිබේ.
මේ දිනවල දිගින් දිගටම විශාල වශයෙන් අකුණු සැර වදින බවත් මීට දින කිහිපයකට ඉහතදී මෙම වහලයට අකුණු පාත් වූ බවත් පවතින අවදානම පිළිබඳව ජනාධිපතිවරයා ඇතුළු වගකිවයුතු සියලු අයට දැනුම් දී ඇතත් මෙතෙක් කිසිදු අවධානයක් යොමු නොකළ බව උන්වහන්සේ පවසති.
 වහලය නිසියාකාරව සවි නොකිරීම නිසා වහලය මත වෑස්සෙන වතුර බුදු පිළිමය පිහිටි මළුවට පතිත වන බවද උන්වහන්සේ පෙන්වා දෙති.